වඳින්න ගිය අගමැතිට ගිය ගිය තැන විරෝධතා

අද දින අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, සහ මිරිසවැටිය වඳින්න ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එම ස්ථාන තුනේ දීම විරෝධතාවන්ට මුහුණ දීමට සිදු වූ බව වාර්තා වෙයි. එමෙන් ම , යනයන තැනින් විරෝධතා එල්ල වීම නිසා වන්දනා ගමන අතරමග නවතා දැමීමට ද සිදු වී තිබේ.
පළමුවෙන් ශ්‍රී මහා බෝධිය වෙත ගිය අගමැතිතුමාට එහි සිටි පිරිසක් පැවසුවේ ” බුදු අප්පච්චි , දැන් ඇති , රට බේරලා දෙන්න ,හෙට උදේ වෙනකොට තීරණයක් ගන්න ” යනුවෙනි.
ඉන්පසු රුවන්වැලි සෑය වෙත ගිය අගමැතිතුමාට එහි දී ද, දැඩි විරෝධතාවලට ලක්වීමට සිදුවී ය.
පසු ව අගමැතිතුමා මිරිසවැටිය වෙත ගිය ද එහි දී පැවති විරෝධතා හේතුවෙන් වන්දනාව නවතා අගමැතිතුමා ඉවත්කරගෙන යාමට පොලිසියට සිදු වී තිබේ.
මෙම විරෝධතා හේතුවෙන් අනුරාධපුරයේ යොදාගෙන තිබු අනෙකුත් වන්දනා කටයුතු අවලංගු කිරීමට සිදු වී තිබේ.
