මුදල් ඇමතිගේ අයි එම් එෆ් ගමනට සැලසුම් හදන්නේ රහසින් !

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ලබන මාසයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාක්ච්ච්ච්ඡ සඳහා සැලසුම් සකස් කිරීම රහසේ සිදුවන කටයුත්තක් බව රොයිටර් පුවාත්සේවයේ වාර්තාවකින් හෙළිදරව් වෙයි. රොයිටර පුවත් සේවය උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කොට ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම ඇතුළු මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව මුලාශ්‍ර තුනකින් තහවුරු කරගත්…

කොවිඩ් තව පහළට ; මරණ 9 යි , නව ආසාදිතයින් 347 යි

කොවිඩ් ව්‍යාප්තියේ තවත් අඩුවීමක් පෙන්නුම් කරමින් රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ  වාර්තා ආනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 9 ක් වූ අතර නව ආසාදිතයින් ලෙස වාර්තා වූ සංඛ්‍යාව 347 කි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,390 ක් වී තිබේ. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 655,730 ක් වශයෙනි.

මුදල් ඇමති බැසිල්ගේ වැඩ ලක්ෂය වසරකින් කල් දමන්නැයි මහ බැංකු අධිපති රජයට කියයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරන ලද වැඩ ලක්ෂයේ ව්‍යාපෘතිය වසරකින් කල් දැමිය යුතු බව මහ බැංකු අධිපති අජ්ජිත් නිවාඩ් කබ්රාල් මහතා රජයට නිර්දේශ කොට තිබේ එමෙන් ම රටේ අලුතින් ආරම්භ කෙරුණු  සංවර්ධන ව්‍යාපෘති සියල්ල වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත්තේ ඒවා ක්‍රියාත්මක කිරීමට මුදල් නොමැති…

‘‘මේ මොහොතේ ආණ්ඩුවෙන් යන්නේ නෑ‘‘ – ශ්‍රීලනිප තීරණය කරයි

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් නොවීමේ තීරණයකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි . රට බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් යාම සුදුසු නොවන බවත්, ආණ්ඩුව සමග එක්ව අර්බුද වලට විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුව ඇති බවත් ,එම පක්ෂයේ අදහස වී ඇතැයි ට දැනගන්නට ඇත . ශ්‍රී ලංකා…

මුදල් ඇමති අයි එම් එෆ් යන්නේ ණය ගැන කතා කරන්න නොවේ – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර යොදාගෙන ඇති සාකච්ඡාවල අරමුණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි. මුදල ඇමති බැසිල් රාජපක්ෂ මහතා ලබන මස වොෂින්ටන් නුවර දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවීම ගැන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කබ්රාල් මහතා මේ බව කියයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිලිබඳ වාර්තාවක් සහ…

සිපෙට්කෝ තෙල් මිලත් වැඩි කරයි

සිපෙට්කෝ තෙල් මිල ද වහා ම ක්‍රියාත්මක වන පරිදි වැඩි කොට ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින් වැඩි කොට ඇති අතර එහි නව මිල රුපියල් 254කි. ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 95 කින් වැඩි කොට ඇති අතර නව මිල 283 කි. ඩීසල් ලීටරයක් රුපියල් 55 කින් වැඩිකොට ඇත. නව මිල රුපියල් 176…

ඩොලරය රුපියල් 260 ආසන්නයේ ස්ථාවර වන ලකුණු

පාවෙන මිල ගණන් හඳුන්වාදීමෙන් පසු ඩොලරය රුපියල් 260 ආසන්නයේ ස්ථාවර වන ලකුණු අද පෙන්නුම් කළ බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. අද දහවල් වන විට විවෘත වෙළෙඳපොළේ ඩොලරය හුවමාරු වුයේ රුපියල් 265 සහ 270 අතර මිල ගණන්වලට බව වාර්තා වෙයි. එම මිල ගණන් යටතේ වෙළෙඳපොළට ඩොලර් ලැබෙන්නට පටන්ගත් බව ද වාර්තා වෙයි. වෙළෙඳපොළට ඩොලර් ලැබීම ඉදිරි…

අයි එම එෆ් හමුවෙන්න මුදල් ඇමති බැසිල් වොෂින්ටන් යන්න තීන්දු කරයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ වොෂින්ටන් බලා යාමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි. ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ යෝජනා රැගෙන යාමට මේ අනුව සැලසුම් කොට තිබේ. අප්‍රේල් මද භාගයේ මෙම සංචාරය සිදු කිරීමට මේ වන විට තීරණය කොට තිබේ. ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයක් වෙත…

මෙවලම් වෙනස් කළා , දැන් රටට ඩොලර් ලැබේවි -මහ බැංකු අධිපති කබ්රාල්

රටේ සහ ලෝකයේ මෑත කාලීන වර්ධනයන් නිසා ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් අනුගමනය කළ ඇතැම් මෙවලම් වෙනස් කොට රුපියල වඩාත් නම්‍යශීලී කිරීමට ක්‍රියා කළ බවත්, එයින් රුපියලේ අගය අඩු වුවත් ඒ සමග රටට ඩොලර් ගලා ඒම වැඩි විය හැකි බවත්, එම තත්ත්වය දිගු කාලීන වශයෙන් ආර්ථිකයට සුබදායි බවත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා…

අද කොවිඩ් මරණ 7 යි , නව ආසාදිතයින් 467 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අද නිවේදන අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 7 ක් වන අතර හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 467 කි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 16,381 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 655,383 ක් වශයෙනි.

ජාතික ආණ්ඩුවකට සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් – රනිල් වැඩ පටන් ගනියි

ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඇතැම් පිරිස් විසින් යෝජනා කොට ඇති ලෙස  ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීමට නම් සියලු පක්ෂවලට එකඟ විය හැකි අවම  ජාතික වැඩ පිළිවෙළක් අවශ්‍ය බව ප්‍රකාශ කරන එජාප නායක , හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා සියලු පක්ෂවල අදහස් විමසීම ආරම්භ කොට ඇති බව එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ රට මුහුණ…

රුපියල පා කළ පසු ඉන්දියාවේ ඩොලර් මිලියන 500 ලැබෙයි

ශ්‍රී ලංකාවේ රුපියල පා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියා කිරීමෙන් පසු ඉන්දියාව එකඟ වී සිටි පරිදි ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500 ක් ණය මුදල නිදහස් කිරීමට ඉන්දියාව අද කටයුතු කළ බව වාර්තා වෙයි. ඉන්දියානු සංචිත බැංකුවෙන් මෙන ණය මුදල සඳහා අවසන් අනුමැතිය ලබා දී තිබේ. මෙම මුදලේ වටිනාකමට සරිලන සේ ඉන්දියාවෙන් ඛනිජ තෙල් ලබා…