සිපෙට්කෝ තෙල් මිලත් වැඩි කරයි

සිපෙට්කෝ තෙල් මිල ද වහා ම ක්රියාත්මක වන පරිදි වැඩි කොට ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 77 කින් වැඩි කොට ඇති අතර එහි නව මිල රුපියල් 254කි.
ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 95 කින් වැඩි කොට ඇති අතර නව මිල 283 කි.
ඩීසල් ලීටරයක් රුපියල් 55 කින් වැඩිකොට ඇත. නව මිල රුපියල් 176 කි,
සුපර් ඩීසල් මිල රුපියල් 95 කින් වැඩි කොට ඇති අතර නව මිල රුපියල් 254 ක් වෙයි.
