ඩොලරය රුපියල් 260 ආසන්නයේ ස්ථාවර වන ලකුණු

පාවෙන මිල ගණන් හඳුන්වාදීමෙන් පසු ඩොලරය රුපියල් 260 ආසන්නයේ ස්ථාවර වන ලකුණු අද පෙන්නුම් කළ බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

අද දහවල් වන විට විවෘත වෙළෙඳපොළේ ඩොලරය හුවමාරු වුයේ රුපියල් 265 සහ 270 අතර මිල ගණන්වලට බව වාර්තා වෙයි. එම මිල ගණන් යටතේ වෙළෙඳපොළට ඩොලර් ලැබෙන්නට පටන්ගත් බව ද වාර්තා වෙයි.

වෙළෙඳපොළට ඩොලර් ලැබීම ඉදිරි දිනවල වඩා යහපත් විය හැකි බවත්, ඒ අනුව මිල තරමක පහළ යාමක් අපේක්ෂා කළ හැකි බවත්, නිරීක්ෂකයෝ කියති.

පසුගිය කාලයේ විශාල ලෙස අඩු වූ විදේශ ප්‍රේෂණ ලැබීම ආරම්භ වූ විට ඩොලරය වඩාත් ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

එමෙන් ම රටේ පොලී අනුපාත තව දුරටත් ඉහළ දැමීමට මහ බැංකුව කටයුතු කළ හොත් රුපියල අවප්‍රමාණ වීම පාලනය කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *