අයි එම එෆ් හමුවෙන්න මුදල් ඇමති බැසිල් වොෂින්ටන් යන්න තීන්දු කරයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ වොෂින්ටන් බලා යාමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි.

ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ යෝජනා රැගෙන යාමට මේ අනුව සැලසුම් කොට තිබේ.

අප්‍රේල් මද භාගයේ මෙම සංචාරය සිදු කිරීමට මේ වන විට තීරණය කොට තිබේ.

ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයක් වෙත ගමන් කරමින් සිටින බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගන්න ලෙස විපක්ෂයේ දේශපාලඥයන් මෙන් ම විද්වත් ප්‍රජාවෙන් ද ඉල්ලීම් ලැබුනේ වසර එක හමාරක පමණ පෙර කාලයක සිටයි.

ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් සිටි ආණ්ඩුව දැන් එම පිහිට පතන්නේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වීම ආසන්නයට පැමිණ ඇති තත්ත්වයක් තුළ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *