මෙවලම් වෙනස් කළා , දැන් රටට ඩොලර් ලැබේවි -මහ බැංකු අධිපති කබ්රාල්

රටේ සහ ලෝකයේ මෑත කාලීන වර්ධනයන් නිසා ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් අනුගමනය කළ ඇතැම් මෙවලම් වෙනස් කොට රුපියල වඩාත් නම්‍යශීලී කිරීමට ක්‍රියා කළ බවත්, එයින් රුපියලේ අගය අඩු වුවත් ඒ සමග රටට ඩොලර් ගලා ඒම වැඩි විය හැකි බවත්, එම තත්ත්වය දිගු කාලීන වශයෙන් ආර්ථිකයට සුබදායි බවත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.
මෙයින් බඩු මිල වැඩි විය හැකි වුවත්, ආර්ථිකය යථා තත්ත්වයට පැමිණෙනු ඇති බව ඒ මහතා කියයි.
පොලී අනුපාත වැඩි කිරීමට ද මහ බැංකුව පියවර ගනු ඇත.
රුපියලේ අගය පා කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මහ බැංකු අධිපතිතුමා මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ.
