මුදල් ඇමති අයි එම් එෆ් යන්නේ ණය ගැන කතා කරන්න නොවේ – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර යොදාගෙන ඇති සාකච්ඡාවල අරමුණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.
මුදල ඇමති බැසිල් රාජපක්ෂ මහතා ලබන මස වොෂින්ටන් නුවර දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවීම ගැන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කබ්රාල් මහතා මේ බව කියයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිලිබඳ වාර්තාවක් සහ ඉදිරි වැඩ පිළිවෙලක් සමග මුදල් ඇමතිවරයා වොෂින්ටන් නගරයට ගොස් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවීමට සැලසුම් කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබිණි.
ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සමාලෝචනය පසුගිය මාසයේ අවසන් කොට ඇති අතර එහි වාර්තාව රජයට භාරදීම පසුගිය සතියේ සිදුවිය.
එම වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකා රජය විරුද්ධ වූ බව වාර්තා වී ය.
