රුපියල පා කළ පසු ඉන්දියාවේ ඩොලර් මිලියන 500 ලැබෙයි

ශ්‍රී ලංකාවේ රුපියල පා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියා කිරීමෙන් පසු ඉන්දියාව එකඟ වී සිටි පරිදි ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500 ක් ණය මුදල නිදහස් කිරීමට ඉන්දියාව අද කටයුතු කළ බව වාර්තා වෙයි.
ඉන්දියානු සංචිත බැංකුවෙන් මෙන ණය මුදල සඳහා අවසන් අනුමැතිය ලබා දී තිබේ.
මෙම මුදලේ වටිනාකමට සරිලන සේ ඉන්දියාවෙන් ඛනිජ තෙල් ලබා දීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත ය.
අත්‍යවශ්‍ය ආහාර හා භාණ්ඩ මිල දී ගැනීමට තවත් ඩොලර බිලියනයක් ලබා දීමට ඉන්දියාව එකඟ වී සිටින නමුත් ණය ගෙවීමට හැකියාව ලැබෙන පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙලකට යාම හෝ විකල්ප සැලැස්මක් ඉදිරිපත් කිරීම හෝ අවශ්‍ය බව ඉන්දියාව දැන්ව ඇති බව වාර්තා වෙයි.
එම වැඩ පිළිවෙළ ද සමග මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ ඉන්දියාව බල පිටත්වීමට නියමිත ය.
