තිරිඟු පිටි රුපියල් 40 කින් , පාන් රුපියල් 30 කින් ,බනිස් රුපියල් 10 කින් නගී

 

අද සිට තිරිඟු පිටි මිල රුපියල් 40 කින් ද, පාන් ගෙඩියක් රුපියල් 30 කින් ද , බනිස් ගෙඩියක් රුපියල 10 කින් ද මිල ඉහල යනු ඇතැයි වාර්තා වෙයි .

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 39 කින් වැඩි කරන බව සෙරන්දිබ් සමාගම නිවේදනය කොට ඇති අතර ප්‍රීමා පිටි මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇත. තිරිඟු පිටි කිලෝවක නව විකුණුම් මිල රුපියල් 160 ක් වන බව කියති.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ මේ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් සහ බනිස් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ යනු ඇති බව යි.

අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ද ඒ අනුව ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *