රාජපක්ෂ පවුලේ දේශපාලනය ඉවරයි; ඔවුන් සමග කිසිදු සන්ධානයක් මින් පසු නැහැ – ජානිපෙ නායක විමල් වීරවංශ

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කරගෙන යන වැඩ පිළිවෙළ අනුව රාජපක්ෂ පවුලේ දේශපාලන අනාගතය විනාශ වන බවත්, ඔවුන් සමග මින් ඉදිරියට කිසිදු සන්ධානයකට නොයන බවත්, ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

මෙම වැඩ පිළිවෙලට ඉඩ දී බලාගෙන සිටිය හොත් නාමල් රාජපක්ෂ මහතාට ද දේශපාලන අනාගතයක් නැති බව ද ඒ මහතා කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය උපයෝගී කරගෙන බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ප්‍රාණ ඇපයට ගෙන ක්‍රියාත්මක වන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බල රහිත කොට ඇති බවත්,වීරවංශ මහතා වැඩි දුරටත් පවසයි.

ඒ මහතා කියන්නේ මෙම විනාශය නැවතීමට තමන් ඇතුළු පිරිසක් කළ සටන පවුලේ දේශපාලන බලය ඉදිරියේ අසාර්ථක වූ බවයි. බැසිල් රාජපක්ෂ මහතා හැර අනෙක් රාජපක්ෂවරුන් සියලු දෙනා ම පවුලේ අනෙක් ය ගැන සිතා කටයුතු කළත් බැසිල් රාජපක්ෂ ළඟ එම ගුණය නැති බව ද හිටපු ඇමතිවරයා කියයි.

රුපවාහිනී නාලිකාවක වැඩ සටහනකට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *