සංස්ථ තෙල් දැන් හරි ලාබයි ; පෙට්‍රල් : සිපෙට්කෝ 177 යි , අයි ඕ සී 254 යි ; ඩීසල් : සිපෙට්කෝ 121 යි , අයි ඕ සී 214 යි

ලංකා අයි ඕ සී සමාගම ඊයේ කළ මිල වැඩි කිරීමත් සමග සිපෙට්කෝ ආයතනයේ තෙල් මිල සහ අයි ඕ සී තෙල් මිල අතර විශාල වෙනසක් ඇතිව තිබේ.

ඒ අනුව සිපෙට්කෝ පෙට්‍රල් ලීටරයක් (92) රුපියල් 177 කට විකුණද්දී අයි ඕ සී සමාගම විකුණන්නේ රුපියල් 254 කට ය.

එලෙස ම ඩීසල් ලීටරයක් සිපෙට්කෝ හි 121 කට විකුණද්දී අයි ඕ සී සමාගම විකුණන්නේ රුපියල් 214 කට ය.

අනෙකුත් වර්ගවල ඛනිජ තෙල් මිල ද මෙලෙස ඉතා විශාල ලෙස වෙනස් වෙයි.

ලංකා අයි ඕ සී සමාගම පසුගිය කාලයේ අවස්ථා තුනක දී ඛනිජ තෙල් මිල වැඩි කළ මිල වැඩි කිරීමට සිපෙට්කෝ  කළ ඉල්ලීම් ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේ ය. ඒ තෙල් මිල සමග බඩු මිල වැඩි වන බව කියමිනි.

අවසානයේ එම පාඩුව දරන්නේ මහා භාණ්ඩාගාරය යි. ඒ සාමාන්‍ය ජනයාගේ බදු මුදලිනි. මෙය වැඩි වශයෙන් ඉන්ධන භාවිතා කරන ඉහළ පන්තියට සාමාන්‍ය ජනයාගේ මුදලින් දෙන සහනාධාරයක් වී ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *