අධිකරණයට ඉදිරිපත්වීමට ඉඩ නොදී රාජිත අත් අඩංගුවට ගැනීමේ තැත වරදී !

අධිකරණයට ඉදිරිපත්වීමට ඉඩ නොදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ඊයේ දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව වාර්තා වෙයි . රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට උත්සහ දැරූ  හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (25) වනවිට ඔහු පදිංචිව සිටි ස්ථානවලින් ඉවත් වී  සැඟවී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කෙළේය. කථානායක…

මත්පැන් තහනම ඉවතට – සංචරක හෝටල්වලට අද නියම නත්තල්

නත්තල් දිනයේදීත් සියලු මත්පැන් අලෙවි ආයතන වසා තැබීමේ මීට පෙර සියලු ආණ්ඩු ක්‍රියාකළ ද වත්මන් ආණ්ඩුව සංචාරක හෝටල් සදහා මෙම නත්තලේ දී එම තහනම ඉවත් කොට තිබුණි . මෙ නිසා සංචාරක හෝටල් වල මෙවර නත්තල මත්පැන් සාද සහිතව මහ ඉහලින් පවත් වූ බව වාර්තා විය . 

අධිකරණයට ඉදිරිපත් වෙන්න ඉඩ නොදී රාජිත අත් අඩංගුවට ගන්න සැලසුමක් !

හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාට අධිකරණයට ඉදිරිපත් වීමට  අවස්ථාව නොදී අත් අඩංගුවට ගන්න සැලසුමක් ක්‍රියාත්මක වී ඇති බව පෙනෙන්නට ඇතැයි  අධිකරණ ක්ෂේත්‍රයේ  තතු දත් ආරංචි මාර්ග කියයි . නත්තල් නිවාඩුව සදහා උසාවි වසා දමන්නට පෙර අන්තිම මොහොතේ නීතිපතිවරයා විසින් රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කිරීමත් , පොලිසිය 24දා සවස ගොස් අධිකරණයෙන් වරෙන්තු…

රාජිතට වරෙන්තු

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (24) වරෙන්තුවක් නිකුත් කෙළේය. 1985 අංක 15 දරණ ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපති අපේක්ෂකයකුට අපහාස කරමින් බොරු සාක්කි ගෙතීම ඊට ආධාර අනුබල ලබාදීම හා දණ්ඩ නීති සංග්‍රය යටතේ වරදක් කිරීම චෝදනා යටතේ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගත යුතු බවට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බැවින් වරෙන්තුවක්…

මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහ බැංකුවේ අධිපති ධුරයට

දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා  මහ බැංකුවේ අධිපති ධුරයට පත් කොට ඇත . කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ලෙස කටයුතු කළ ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර කීර්තියට පත් විද්වතෙකි . සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම අධ්‍යයනයට පත් කළ ජනාධිපති කොමිසමේ සභාපති ලෙස ද ඒ  මහතා ක්‍රියා කළේය . එම ගිවිසුමට එරෙහෙව එල්ල වූ…

හිටපු ඇමති පාඨලීගේ රියදුරු උසාවියට භාරවෙයි – ජනවාරි 6 තෙක් රිමාන්ඩ්

රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු ඇමති පාඨලීගේ රියදුරු අද (24) අධිකරණයට භාර වීමෙන් පසු ඔහු   ජනවාරි 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත…

හිටපු ඇමති පාඨලී චම්පිකට ඇප – පොදු දේපළ පනත යටතේ චෝදනා ඉවතට !

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද(24) නියම කළාය. හිටපු ඇමතිවරයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු දැමීමට නීතිපතිවරයා උපදෙස් දී නැති බවද මහේස්ත්‍රාත්තුමිය පෙන්වා දුන්නාය…

චම්පික අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති කැදවා විමසන්න පක්ෂ නායකයෝ තීරණය කරති

හිටපු ඇමති පාටලී චම්පික රණවක මහතාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩමින් ඒ මහතා අත් අඩංගුවට ගැනීම ගැන කරුණු විමසීමට පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැදවීමට කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ සියලු පක්ෂ නායකයෝ ඒකමතිකව තීරණය කළහ . ඒ පිළිබඳව කතානායක කාර්යාලයෙන් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සදහන් වෙයි . රණවක මහතා අත් අඩංගුවට ගැනීමේදී කථානායකතුමා දැනුවත් කොට නැති බවත්…

චම්පිකට ඇප නොදෙන්න නීතිපති නීතිය නැමීමෙන් ලෙඩ ගොඩක්

හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාට ඇප ලබා නොදී රිමාන්ඩ් කිරීම සදහා ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනුකරන බව නීතිපති වරයා අධිකරණයට දැනුම් දීමත් සමග ප්‍රශ්න රැසක් මතුව ඇති බව නීතී අංශවල තතු දත් උදයිය කියති . නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට කිවේ රජයේ…

චම්පිකගේ සිද්ධිය බැලූ බැල්මටම දේශපාලන පළිගැනීමක් – ලාල් කාන්ත

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් ආකාරය  බැලූ බැල්මටම දේශපාලන පළිගැනීමක් බව පෙනෙන්නට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාලා කාන්ත මහතා පැවසීය.  යම් කිසි වැරද්දක් සිදුව ඇත්නම් ඊට නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුගේ විරුද්ධත්වයක් නොමැති නමුත් මෙවැනි සිදුවීම් වලින් පෙන්නුම් කරන්නේ ඊට දේශපාලන බලපෑමක් ඇති බව යැයි ලාල් කාන්තා මහතා සඳහන් කළේය. …

1000 CC යතුරුපැදිය ධාවනය ගැන සංදීප්ට එරෙහිවත් පැමිණිල්ලක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සම්බන්ධ 2016 වසරේ සිදුවූ රිය අනතුරේදී තුවාල ලැබූ සංදීප් සම්පත් තරුණයාට එරෙහිව ද ඊයේ (22) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.  ජාතික හෙළ උරුමයේ කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ මහතා විසින් සංදීප්ට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ සාමාන්‍ය මාර්ගයක ධාවනය කළ නොහැකි 1000 CC යතුරුපැදියක් ධාවනය කිරීම සහ රාජ්‍ය දේපළවලට…

පාඨලී අත්අඩංගුවට ගත් ආකාරය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

හිටපු අමාත්‍ය  පාඨලී  චම්පික රණවක මහතා  අත්අඩංගුවට ගැනීමේ දී  පොලිසිය අනුගමනය කළ යුතු  කි‍්‍රයා පිළිවෙත අනුගමනය කර  ඇතිද යන්න  පොලිස් කොමිසම  වැඩබලන පොලිස්පතිවරයාගෙන් අද (23)  වාර්තාවක් කැදවන බව ජාතික පොලිස් කොමිසම කියයි.   හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේදී නියමිත  ක‍්‍රමයට  සිදු වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නැයි නියෝජ්‍ය කථානායක  ආනන්ද කුමාරසිරි  මහතා පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති  බවත් ඒ අනුව පොලිස්පතිවරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන්  වාර්තාව කැදවන බව  ජාතික පොලිස් කොමිසමේ…