චම්පිකගේ සිද්ධිය බැලූ බැල්මටම දේශපාලන පළිගැනීමක් – ලාල් කාන්ත
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් ආකාරය බැලූ බැල්මටම දේශපාලන පළිගැනීමක් බව පෙනෙන්නට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාලා කාන්ත මහතා පැවසීය.
යම් කිසි වැරද්දක් සිදුව ඇත්නම් ඊට නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුගේ විරුද්ධත්වයක් නොමැති නමුත් මෙවැනි සිදුවීම් වලින් පෙන්නුම් කරන්නේ ඊට දේශපාලන බලපෑමක් ඇති බව යැයි ලාල් කාන්තා මහතා සඳහන් කළේය.

“මහ රෑ ගෙදරකට ඇවිත් අරන් යන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. යම්කිසි වැරද්දක් සිද්ධ වෙලා නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යතාවක් තියෙනවා නම් ඒවා නිවැරදි කිරීමට කටයුතු කිරීමට කාගේවත් විරෝධයක් නැහැ. නමුත් යමක් කරන විදිහක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා. සංස්කෘතියක් තියෙනවා. ඊට පිටින් තමයි මේක සිද්ධ වුණේ. ඒකට කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. එතුමාට පහුවදා පොලීසියට එන්න කිව්වා නම් එතුමා පොලීසියට එනවා. ඔහු පැනලා යන කෙනෙක් නෙවෙයි. මාධ්‍යයත් ඔක්කොම ගෙන්නාගෙන කරපු වැඩේ දේශපාලන වුවමනාවකින් කරපු වැඩක්.”
එම සිද්ධිය අනිවාර්යයෙන්ම දේශපාලන පළිගැනීමක් සහ දේශපාලන බලපෑමක් පදනම් කරගෙන මතුකර ඇති බවයි ඔහු කියා සිටියේ. සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රශනයක් නොවුණද එය කරන ආකාරයෙන් එහි වුවමනාව පැහැදිලි බව හෙතෙම අවධාරණය කළේය.
ලාල් කාන්තා මහතා මෙම අදහස් පළකළේ ඊයේ (22) මහනුවරදී පැවති පක්ෂ හමුවකදීය.
ASK
LANKA NEWS WEB
