චම්පිකට ඇප නොදෙන්න නීතිපති නීතිය නැමීමෙන් ලෙඩ ගොඩක්

හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාට ඇප ලබා නොදී රිමාන්ඩ් කිරීම සදහා ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනුකරන බව නීතිපති වරයා අධිකරණයට දැනුම් දීමත් සමග ප්‍රශ්න රැසක් මතුව ඇති බව නීතී අංශවල තතු දත් උදයිය කියති .

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට කිවේ රජයේ දෙපළක් වන වාහනයට සිදුවූ අලාභය රක්ෂණ සමාගමෙන් ගෙවීමෙන් හිටපු ඇමතිවරයා රජයට අලාභයක් සිදුකොට ඇති බවයි . නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙම ප්‍රකාශය කළ විට උසාවියේ සිනා හඩ පැතිර ගිය බව ද වාර්තා වීය .

නිති අංශ කියන්නේ අලාභය රක්ෂණ සමාගමෙන් ගෙවා ඇති බැවින් මෙහි දී රජයට අලාභයක් සිදුව නැති බවයි . නිතිපත්වරයාගේ මෙම තර්කය පිළිගතහොත් රජයේ වාහන අනතුරට ලක්වන හැම වීටකම රියදුරුට එරෙහිව මෙම නිතිය යටතේ ක්‍රියා කිරීමට සිදුවන අතර ඒ සියලු දෙනා ඇප නොමැතිව රක්ෂිත බන්ධනාගාර ගතවනු ඇත .

අනෙක් අතට මෙම සිදුවීමේදී සැබෑ වරදකරු නිති විරෝදී 1000 cc යතුරු පැදියක් මහා මාර්ගයේ ධාවනය කොට රජයේ වාහනයක පිටුපසින් හප්පා රජයේ දෙපළකට හනි කළ සංදීප සම්පත් නම් තරුණයා බව බලු බැල්මට පෙනෙන්නට තිබෙන කාරණයකි . ඔහුට එරෙහිව මෙමනිතිය යටතේ කටයුතු කලයුතු බවට පැමිණිල්ලක් ඊයේ පොලිස්පතිවරයා වෙත ඉදිරිපත්විය .   ඒ අනුව කටයුතු කළහොත් ඔහුට ඇප නොලබා රක්ෂිත බන්ධනාගාර ගත වන්නට සිදුවෙයි .

මේ සියල්ලට හේතුව දේශපාලන බලපෑම් මත නීතිපතිවරයා හිටපු ඇමති චම්පිකට අප නොදෙන්නට නිතිය නැමීම බව තතු දත් නිතිවෙදියෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *