අධිකරණයට ඉදිරිපත් වෙන්න ඉඩ නොදී රාජිත අත් අඩංගුවට ගන්න සැලසුමක් !

හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාට අධිකරණයට ඉදිරිපත් වීමට අවස්ථාව නොදී අත් අඩංගුවට ගන්න සැලසුමක් ක්‍රියාත්මක වී ඇති බව පෙනෙන්නට ඇතැයි අධිකරණ ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග කියයි .
නත්තල් නිවාඩුව සදහා උසාවි වසා දමන්නට පෙර අන්තිම මොහොතේ නීතිපතිවරයා විසින් රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කිරීමත් , පොලිසිය 24දා සවස ගොස් අධිකරණයෙන් වරෙන්තු නියෝගයක් ලබා ගැනීමත් මෙම සැලසුම අනුව සිදුවී තිබෙන බව කියති .
අද 25දා නත්තල සදහා උසාවි වසා ඇත . එබැවින් නීතිඥයකු මගින් අධිකරණයට ඉදිරිපත් වීමට හෝ අධිකරණයෙන් වෙනත් සහනයක් ඉල්ලා සිටීමේ හෝ අවස්ථාව රාජිත සේනාරත්න මහතාට අහිමි වෙයි .
ඒ අතර අධිකරණයට ඉදිරිපත් වීමට ඉඩ නොතබා රාජිත සේනාරත්න මහතා පොලිස් අත් අඩංගුවට ගැනීම මෙම සැලසුමේ අරමුණ බව කියති .
අධිකරණයේ නත්තල් නිවාඩු සමයද මේ වන වීට ක්‍රියාත්මකය .
