චම්පික අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති කැදවා විමසන්න පක්ෂ නායකයෝ තීරණය කරති

හිටපු ඇමති පාටලී චම්පික රණවක මහතාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩමින් ඒ මහතා අත් අඩංගුවට ගැනීම ගැන කරුණු විමසීමට පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැදවීමට කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ සියලු පක්ෂ නායකයෝ ඒකමතිකව තීරණය කළහ . ඒ පිළිබඳව කතානායක කාර්යාලයෙන් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සදහන් වෙයි .

රණවක මහතා අත් අඩංගුවට ගැනීමේදී කථානායකතුමා දැනුවත් කොට නැති බවත් එය මෙතෙක් අනුගමනය කල  පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංගනය කිරීමක්  බව  පොදුවේ  පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ  මතය විය. මේ පිළිබදව පොලිස්පතිවරයා ඇතුළු  අදාල නිළධාරීන් කථානායකවරයා  වෙත කැදවා දැනුවත් කිරීමට  පියවර ගැනීමට තීරණය විය. එම  අත්අඩංගුවට ගැනීමේ දී සිදුව ඇති ක්‍රියාවලිය පිළිබදව පොලිස් කොමිසන් සභාවේ අවධානය යොමු කිරීමට ද  පක්ෂ නායකරැස්වීමේ දී තීරණය කරන ලදී.

අද  දින  පක්ෂ නායක රැස්වීම සදහා ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා,ගරු අමාත්‍යවරුන් වන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු හා පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන් වන සජිත්ප්‍රේමදාස, ගයන්තකරුණාතිලක, රවුෆ්හකීම්, රවිකරුණානායක, අජීත් පී පෙරේරා, මනෝ ගනේෂන් , නිරෝෂන් පෙරේරා යන  මහත්වරු ද එක් වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *