මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහ බැංකුවේ අධිපති ධුරයට

දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා මහ බැංකුවේ අධිපති ධුරයට පත් කොට ඇත .
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ලෙස කටයුතු කළ ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර කීර්තියට පත් විද්වතෙකි .
සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම අධ්‍යයනයට පත් කළ ජනාධිපති කොමිසමේ සභාපති ලෙස ද ඒ මහතා ක්‍රියා කළේය . එම ගිවිසුමට එරෙහෙව එල්ල වූ බොහෝ චෝදනා පදනම් විරහිත බව එම කොමිසමේ වාර්තාවෙන් පෙන්වා දී තිබිණි .
