අධිකරණයට ඉදිරිපත්වීමට ඉඩ නොදී රාජිත අත් අඩංගුවට ගැනීමේ තැත වරදී !

අධිකරණයට ඉදිරිපත්වීමට ඉඩ නොදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ඊයේ දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව වාර්තා වෙයි .

රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට උත්සහ දැරූ  හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (25) වනවිට ඔහු පදිංචිව සිටි ස්ථානවලින් ඉවත් වී  සැඟවී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කෙළේය.

කථානායක කරු ජයසූරිය මහතා ලිඛිතව දැනුවත් කරමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු පදිංචිව සිටි බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට මුලින්ම ඊයේ (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබේ.

ඔහු එම නිවසේ නොමැති බව එහිදී දැනගත් එම පොලිස් කණ්ඩායම ඔහු පදිංචිව සිටින තවත් ස්ථාන තුනක් පරීක්ෂාවට ලක්කර තිබේ. එම ස්ථානවලත් ඔහු නොසිටි බැවින් ඔහු නිතර යන එන තවත් ස්ථාන කිහිපයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ රාත්‍රිය වන විට පරීක්ෂාවට ලක් කරමින් සිටියේය. ඊට අමතරව ඔහු රෝහල් ගතවීමේ සූදානමක් ගැන බුද්ධි අංශවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබුණු තොරතුරකට අනුව රෝහල් පරීක්ෂාවක් ද සිදුකොට ඇත

එම කිසිදු පරික්ෂාවක දී රාජිත සේනාරත්න මහතා සොයා ගැනීමට රහස් පොලිසියට හැකි වී නැත

මේ අතර හිටපු ඇමති චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න මහතා නියම අවස්ථාවේදී අධිකරණයට ඉදරිපත් වනු ඇති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *