රනිල් එක්ක තනියම ඩීල් දාන්න ගියාට සජබ ප්‍රබලයන්ගෙන් සජිත්ට විරෝධයක් !

  සමගි ජන බලවේගයේ සහ ඒ සමග සන්ධාන ගත වී සිටින පක්ෂවල නායකයින් සාමුහිකව ගොස් ර්සව පාක්ෂික ආණ්ඩුවක් පිලිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා සහ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා වෙන ම ගොස් ජනාධිපතිවරයා සමග වෙන ම ඩීල් එකක් දා ගන්නට උත්සහ දැරීම ගැන සජබ ප්‍රබල නායකයින්ගේ විරෝධය එල්ල වී…

තනතුර අතහැර ගිය ගෝටාභයට විශ්‍රාම වරපසාද නැහැ ; නිවෙසක් දෙන්නත් බැරිලු !

  තනතුරින් ඉල්ලා අස් වූ ජනාධිපතිවරයකු වන ගෝටාභය රාජපක්ෂ මහතාට නිල නිවෙසක් ඇතුළු විශ්‍රාම වරප්‍රසාද හිමි නොවන බවට නීති ර්තකයක්  ඉදිරිපත් වී ඇති බව ර්වාතා  වෙයි. ඒ අනුව ඒ මහතාට නිල නිවෙසක් ලබාදීම ද ගැටළුවක් වී ඇතැයි කියති. මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ ඒ මහතා සඳහා කොළඹ බෞද්ධාලෝක මාවත අසල නිල නිවෙසක් වෙන් කිරීමට රජය කටයුතු…

රට බංකොළොත් බව ප්‍රකාශ කිරීම ව්‍යවස්ථා විරෝධීයි – එජාප සභාපති වජිර අබේවර්ධන

  ශ්‍රී ලංකාව බංකොළොත් රටක් බව අප්‍රේල් 12 දා ප්‍රකාශ කර ඇත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ට්ධන මහතා ප්‍රකාශ කරයි. රටේ මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්, එම බලය ජනාධිපතිට හෝ මුදල් අමාත්‍යංශයට හෝ මහ බැංකුවට හෝ නැති බවත්, එසේ වුවත්, අප්‍රේල් 12 දා මෙරට බංකොලොත් බව…

අයි එම් එෆ් පැමිණ සිටිය දී ආනයන තහනම් කිරීම වැරදියි – හිටපු ඇමති පාටලී චම්පික රණවක

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් තීරණාත්මක සාකච්ඡාවක් සඳහා මෙරටට පැමිණ සිටින අවස්ථාවක භාණ්ඩ තුන්සිය ගණනක් ආනයනය තහනම් කිරීම වැරදි ක්‍රියාවක් බවත්, ආනයන තහනම වැනි ක්‍රියාමාර්ග මුල්‍ය අරමුදල , ලෝක වෙළෙඳ සංවිධානය වැනි ආයතන නොපිළිගන්නා බවත්, හිටපු ඇමති පාටලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මේ මොහොතේ මෙබඳු පියවර ගැනීම අයි එම් එෆ් සාකච්ඡා කෙරෙහි අයහපත්…

අතුරු අයවැයෙන් ගොවි ණය අහෝසියි !

  ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම වසරේ අතුරු අයවැය ලේඛනය මගින් ගොවි ණය කපා හරිනු ඇති බව දැනගන්නට ඇත. අක්කර 5 කට අඩු ඉඩම් හිමියන්ගේ ගොවි ණය අහෝසි කිරීම මෙමගින් සිදුවනු ඇත. පොහොර තහනම සහ වෙනත් ප්‍රශ්න නිසා ගොවි ජනය මුහුණ දී සිටින තත්ත්වය සැලකිල්ලට ගෙන…

මෙරට ඛනිජ තෙල් බෙදන්න විදේශ සමාගම් 24 ක් ඉදිරිපත් වෙයි

    ඉන්ධන බෙදාහැරීමේ ඒකාධිකාරය අහෝසි කොට තරගකාරී ක්‍රමවේදයකට අවස්ථාව සැලසීමේ ආණ්ඩුවේ තීරණය අනුව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට ඛනිජ තෙල් නිෂ්පාදනය ප්‍රධාන රටවල සමාගම් ඇතුළු සමාගම් 24 ක් යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය,…

ර්සව පාක්ෂික ආණ්ඩුවට නැත්නම් කමිටු තනතුරුත් නැහැ ; ආණ්ඩු පක්ෂයෙන් සජබට විරෝධයක් !

      ර්සව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගීමට සහය නොදී අධීක්ෂණ කාරක සභාවල තනතුරු ලබාගැනීමට සමගි ජන බලවේගය දරන උත්සාහයට ආණ්ඩු පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව දේශපාලන ආරංචි මගින් තහවුරු කරයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි විරෝධයක් ප්‍රකාශ කොට ඇත. සමගි ජන බලවේගයේ නායක මට්ටමේ කණ්ඩායමක්…

පෝලිම් අවසන් කරන්න ඉදිරි දින තුනේ දී අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට ඇමැති උපදෙස් දෙයි

  අතිරේක ඉන්ධන තොග නිකුත් කිරීම මගින් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැනට පවතින දිගු වාහන පෝලිම් අවසන් කිරීමට‍ පියවර ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත. ඉන්ධන බෙදාහැරීම සමාලෝචනය කර ඉදිරි දින තුන තුළ දී සියලුම ඉන්ධන වර්ගවල අතිරේක තොග දිවයින පුරා බෙදා හැරීමට…

නොරොච්චෝලේ යළි සක්‍රීයයි

  කාර් මික දෝෂයක් නිසා පසුගිය දිනවල අක්‍රියව පැවැති නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි. ඒ අනුව මෙගාවොට් 300 විදුලි ධාරිතාවක් ඊයේ (26) පස්වරුවේ සිට යළි ජාතික පද්ධතියට එක්වේ. මීට පෙර සිදු වූ විදුලි කප්පාදුව පැය 03ක් දක්වා වැඩි කිරීමට කටයුතු කෙරුණේ…

පවුලක කෑම වියදම වැඩි වුණ හැටි පේරාදෙණිය සරසවියෙන් කියයි

  රුපියල් හැට තුන් දහසක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක 2019 වර්ෂයේ  මාසික පරිභෝජන වියදම( ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සඳහා වැය කරන මුදල) උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන්  අද වනවිට  රුපියල්  එක් ලක්ෂ දස  දහස් දක්වා  රුපියල් 47000 කින් පමණ  ඉහළ ගොස් ඇතැයි  විශේෂ අධ්‍යයනයකින් පෙනී ගිය බව පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ…

රනිල්ගේ නිවෙසට ගිනි තැබීම ගැන ප්‍රශ්න කරද්දී සජිත්ගේ සොහොයුරිය රටින් යයි

  රනිල් වික්‍රමසිංහ මහතාගේ  කොල්ලුපිටියේ පිහිටි  සිය පෞද්ගලික නිවෙසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රකාශ සටහන් කර ගැනුණු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය ඊයේ (26) උදේ දිවයිනෙන් පිටව ගොස් ඇතැයි තතුදත් ආරංචි මගින් හෙළිකරයි  ඇය  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 505 දරණ ගුවන් යානයෙන් …

ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුව කැඳවීම ජපානය භාරගනී !

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන්ගේ සමුළුවක් කැඳවීමේ වගකීම ජපානය විසින් භාරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය කියයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපන් රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සමුළුව කැඳවීමට ජපානය ඉදිරිපත් වන බව කියති. කෙසේ වෙතත්, ඒ සඳහා ජනාධිපතිවරයා ජපන් රජයෙන් නිල වශයෙන් ඉල්ලීම කිරීමට බලාපොරොත්තුව සිටියේ ජපානයේ හිටපු අගමැති ශින්සෝ…