තනතුර අතහැර ගිය ගෝටාභයට විශ්රාම වරපසාද නැහැ ; නිවෙසක් දෙන්නත් බැරිලු !

තනතුරින් ඉල්ලා අස් වූ ජනාධිපතිවරයකු වන ගෝටාභය රාජපක්ෂ මහතාට නිල නිවෙසක් ඇතුළු විශ්රාම වරප්රසාද හිමි නොවන බවට නීති ර්තකයක් ඉදිරිපත් වී ඇති බව ර්වාතා වෙයි.
ඒ අනුව ඒ මහතාට නිල නිවෙසක් ලබාදීම ද ගැටළුවක් වී ඇතැයි කියති.
මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ ඒ මහතා සඳහා කොළඹ බෞද්ධාලෝක මාවත අසල නිල නිවෙසක් වෙන් කිරීමට රජය කටයුතු කරමින් සිටිය දී ය.
ගෝටාභය රාජපක්ෂ මහතාට නිල නිවෙසක් සහ විශ්රාම දීමනා ලබා දුන හොත් එයට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගැනීමට ඕනෑම පුරවැසියකුට අවස්ථාව උදාවන බව කියති.
මීට පෙර චන්ද්රිකා ජනාධිපතිනියට ඇය නිල කාලය අවසන් කොට ඉවත්ව යන අවස්ථාවේ කැබිනට අනුමැතියෙන් ලබා දුන් ඇතැම් වරප්රසාද පවා අධිකරණයෙන් ඉවත් කරනු ලැබී ය.
තම වගකීම ඉටු නොකර තනතුර අතහැර ගිය ජනාධිපතිවරයකුට විශ්රාම වරප්රසාද ලබා දිය නොහැකි බව කියති.
ගෝටාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් 5 දින මෙරටට පැමිණෙන බව ර්වතා වෙයි
