රට බංකොළොත් බව ප්‍රකාශ කිරීම ව්‍යවස්ථා විරෝධීයි – එජාප සභාපති වජිර අබේවර්ධන

ශ්‍රී ලංකාව බංකොළොත් රටක් බව අප්‍රේල් 12 දා ප්‍රකාශ කර ඇත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ට්ධන මහතා ප්‍රකාශ කරයි.
රටේ මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්, එම බලය ජනාධිපතිට හෝ මුදල් අමාත්‍යංශයට හෝ මහ බැංකුවට හෝ නැති බවත්, එසේ වුවත්, අප්‍රේල් 12 දා මෙරට බංකොලොත් බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවට කිසිදු දැනුම් දීඑමකින් තොරව බවත් වජිර අබේවර්ධන මහතා අද ගාල්ලේ පළාත් පාලන නියෝජිතයින්ගේ රැස්වීමක් අමතා ප්‍රකාශ කළේය.
මුදල් ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැයක් ඉදිරිපත් කරන්නේ පාරවල්, පාලම් හැදීමට නොවන බවත්, රට බංකොළොත් වීම නිසා වැඩි වී ඇති ළමා මන්දපෝෂණයෙන් හතලිස් ලක්ෂයක් දරු පරපුර බේරා ගැනීම එහි ප්‍රධාන අරමුණක් බවත් එජාප සභාපතිවරයා කී ය.
ජනාධිපතිවරුන් , අගමැතිවරුන් වීමට සිතන උදවිය රට ගලවා ගැනීමට තම වැඩ පිළිවෙළ ජනතාවට හෙළි කළ යුතු බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
