අයි එම් එෆ් පැමිණ සිටිය දී ආනයන තහනම් කිරීම වැරදියි – හිටපු ඇමති පාටලී චම්පික රණවක

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් තීරණාත්මක සාකච්ඡාවක් සඳහා මෙරටට පැමිණ සිටින අවස්ථාවක භාණ්ඩ තුන්සිය ගණනක් ආනයනය තහනම් කිරීම වැරදි ක්‍රියාවක් බවත්, ආනයන තහනම වැනි ක්‍රියාමාර්ග මුල්‍ය අරමුදල , ලෝක වෙළෙඳ සංවිධානය වැනි ආයතන නොපිළිගන්නා බවත්, හිටපු ඇමති පාටලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
මේ මොහොතේ මෙබඳු පියවර ගැනීම අයි එම් එෆ් සාකච්ඡා කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කළ හැකි බව ඒ මහතා මාධ්‍යවේදීන් අමතා අද ප්‍රකාශ කළේය.
මේ අතර මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පසුගිය දිනක ප්‍රකාශ කළේ මෙලෙස භාණ්ඩ ආනයනය තහනම් කිරීම අත්‍යවශ්‍ය පියවරක් බවයි. එය තාවකාලික පියවරක් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
