අතුරු අයවැයෙන් ගොවි ණය අහෝසියි !

ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම වසරේ අතුරු අයවැය ලේඛනය මගින් ගොවි ණය කපා හරිනු ඇති බව දැනගන්නට ඇත.
අක්කර 5 කට අඩු ඉඩම් හිමියන්ගේ ගොවි ණය අහෝසි කිරීම මෙමගින් සිදුවනු ඇත.
පොහොර තහනම සහ වෙනත් ප්‍රශ්න නිසා ගොවි ජනය මුහුණ දී සිටින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස ණය කපා හැර ගොවි ජනයට සහනයක් සැලසීමට අපේක්ෂිත ය.
