මෙරට ඛනිජ තෙල් බෙදන්න විදේශ සමාගම් 24 ක් ඉදිරිපත් වෙයි

ඉන්ධන බෙදාහැරීමේ ඒකාධිකාරය අහෝසි කොට තරගකාරී ක්‍රමවේදයකට අවස්ථාව සැලසීමේ ආණ්ඩුවේ තීරණය අනුව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට ඛනිජ තෙල් නිෂ්පාදනය ප්‍රධාන රටවල සමාගම් ඇතුළු සමාගම් 24 ක් යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24 ක් එම යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා පත්කර ඇති කමිටුව යෝජනා ඇගයීමට ලක්කර ක්‍රියාවලිය සති හයකින් අවසන් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
සංස්ථාව සතු බෙදුම්හල් 1200 කින් 500 ක් සහ 700 ක් අතර ප්‍රමාණයක් කුලී පදනමක් මත සමාගම් කිහිපයකට ලබා දීමට රජය සැලසුම් කොට ඇත. ඉන්ධන ප්‍රවාහනය ද සංස්ථාව මගින් සිදුකොට ආදායම් ලබා ගැනීමට ද අපේක්ෂිත ය.
රජයේ අරමුදල් ලබා නොගෙන තම සමාගම් මගින් ඉන්ධන ගෙන්වීමට මෙම සමාගම්වලින් යෝජනා ලබාගෙන ඇති බව කියති. විදේශ විනිමය ගැටළු සහ ඉන්ධන හිගය මගහැරෙන ලෙස මෙම ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.
