ර්සව පාක්ෂික ආණ්ඩුවට නැත්නම් කමිටු තනතුරුත් නැහැ ; ආණ්ඩු පක්ෂයෙන් සජබට විරෝධයක් !

 

 

 

ර්සව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගීමට සහය නොදී අධීක්ෂණ කාරක සභාවල තනතුරු ලබාගැනීමට සමගි ජන බලවේගය දරන උත්සාහයට ආණ්ඩු පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව දේශපාලන ආරංචි මගින් තහවුරු කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි විරෝධයක් ප්‍රකාශ කොට ඇත.

සමගි ජන බලවේගයේ නායක මට්ටමේ කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ ඒ සඳහා සහයෝගය ප්‍රකාශ වුව ද පසුගිය සඳුදා සජිත් ප්‍රේමදාස මහතා සහ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති හමු වී ඉල්ලා සිටියේ තම පක්ෂයේ කිසිවකුට ඇමති ධුර නොදෙන ලෙස ය. අධීක්ෂණ කමිටු සියල්ලෙහි සභාපති තනතුරු ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලීමක් කොට තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ හදන්නේ සර්ව පාක්ෂික වැඩ පිළිවෙලකට සහය නොදී අධීක්ෂණ කමිටු බලය ලබා ගැනීමට බවට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමෙන් විරෝධයක් එල්ල වී ඇතැයි කියති.

මෙම ප්‍රශ්නය නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ගොඩ නැගීම අවුල් වී ඇති බව වාර්තා වෙයි.

මේ අතර මහින්ද අමරවීර ඇමතිවරයා මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරය අහිමි වේය යන බියකින් පෙළීම සර්ව පක්ෂක ආණ්ඩුවක් බිහි කිරීමට ප්‍රධානතම බාධකය වී ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *