පෝලිම් අවසන් කරන්න ඉදිරි දින තුනේ දී අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට ඇමැති උපදෙස් දෙයි

අතිරේක ඉන්ධන තොග නිකුත් කිරීම මගින් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැනට පවතින දිගු වාහන පෝලිම් අවසන් කිරීමට පියවර ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.
ඉන්ධන බෙදාහැරීම සමාලෝචනය කර ඉදිරි දින තුන තුළ දී සියලුම ඉන්ධන වර්ගවල අතිරේක තොග දිවයින පුරා බෙදා හැරීමට උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා සදහන් කරයි.
ගොඩබෑමේ ප්‍රමාදයන්, බෙදාහැරීමේ අඩුපාඩු, ඉන්ධන පිරවුම්හල් මගින් ඇනවුම් සදහා ගෙවීම් ප්‍රමාද වීම මේ වන විට දිගු පෝලිම් නිර්මාණය වීමට හේතු වී ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
