නොරොච්චෝලේ යළි සක්‍රීයයි

කාර් මික දෝෂයක් නිසා පසුගිය දිනවල අක්‍රියව පැවැති නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව මෙගාවොට් 300 විදුලි ධාරිතාවක් ඊයේ (26) පස්වරුවේ සිට යළි ජාතික පද්ධතියට එක්වේ.
මීට පෙර සිදු වූ විදුලි කප්පාදුව පැය 03ක් දක්වා වැඩි කිරීමට කටයුතු කෙරුණේ පසුගිය 15 වැනිදා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අක්‍රිය වීම සහ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් නිසා නවතා දැමීම හේතුවෙනි.
කෙසේ වෙතත්, පැය තුනක විදුලි කැපීම අවසන් කරන බවක් මෙතෙක් නිවේදනය කොට නැත.
