රනිල් එක්ක තනියම ඩීල් දාන්න ගියාට සජබ ප්‍රබලයන්ගෙන් සජිත්ට විරෝධයක් !

 

සමගි ජන බලවේගයේ සහ ඒ සමග සන්ධාන ගත වී සිටින පක්ෂවල නායකයින් සාමුහිකව ගොස් ර්සව පාක්ෂික ආණ්ඩුවක් පිලිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා සහ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා වෙන ම ගොස් ජනාධිපතිවරයා සමග වෙන ම ඩීල් එකක් දා ගන්නට උත්සහ දැරීම ගැන සජබ ප්‍රබල නායකයින්ගේ විරෝධය එල්ල වී ඇති බව දැනගන්නට ඇත.

මුල් සාකච්ඡාවට විපක්ෂ කාර්යාලයේ සිට බස් රථයකින් සියලු දෙනා රැගෙන ගිය සජිත් මෙම සාකච්ඡාවට තනියම ගියේ ඇයි දැයි ප්‍රශ්න කරන ඔවුහු පක්ෂයේ පොදු මතය කියන්නට නම් අනෙක් නායකයින් සහභාගී කර නොගත්තේ මන්දැයි ප්‍රශ්න කරති.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්දියේ ජනාධිපතිවරයා විවේචනය කළ ද ඔහු තනිව ගොස් ඉල්ලා ඇත්තේ පක්ෂයේ කිසිවකුට ඇමති ධුර නොදෙන ලෙස යි. පක්ෂයේ සහය ආණ්ඩුවට ලබා දෙන බව ඒ මහතා ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *