රනිල්ගේ නිවෙසට ගිනි තැබීම ගැන ප්‍රශ්න කරද්දී සජිත්ගේ සොහොයුරිය රටින් යයි

 

රනිල් වික්‍රමසිංහ මහතාගේ  කොල්ලුපිටියේ පිහිටි  සිය පෞද්ගලික නිවෙසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රකාශ සටහන් කර ගැනුණු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය ඊයේ (26) උදේ දිවයිනෙන් පිටව ගොස් ඇතැයි තතුදත් ආරංචි මගින් හෙළිකරයි 

ඇය  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 505 දරණ ගුවන් යානයෙන්  මෙසේ දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ සන්ජේ ජයකොඩි සහ  අමායා ජයකොඩි යන දරු දෙදෙනාද සමඟය

රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි සිය පෞද්ගලික නිවෙසට  ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුලාංජලී ජයකොඩි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනුණේ පසුගිය 20  වෙනිදා සෙනසුරාදා දිනයේය.

කිසියම් ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවෙසට  ඉකුත් ජුලි මස 9 වැනිදා ගිනි තබනු ලැබීමෙන්  එහි  වටිනා පොත්පත් ඇතුළු  දේපළ  රැසක්  විනාශවිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුලාංජලී ජයගොඩ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තේ ඇය එම සිද්ධියවූ අවස්ථාවේදී  ඒ  ස්ථානයේ සිටි බවට ලැබුණු තොරතුරක් අනුවය.

දුලාංජලී ජයගොඩ මහත්මිය නිවෙස ගිනි තැබූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි බවට වීඩියෝ සාක්ෂි ඉදිරිපත් වී ඇති අතර ය එහි සිටි බව පිළිගෙන ඇත.

සමගි ජන බලවේගයේ ආසන සංවිධායක වරයකුගේ පුත්‍රයකු ද මීට පෙර රටින් පිටව ගිය බව වාර්තා වී තිබෙ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *