ඇමරිකා උප ජනාධිපතිගේ ප්‍රතිපත්ති හදන්නේ අපේ රෝහිණි

ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ලෙස වැඩබාරගැනීමට නියමිත කමලා හැරිස්ගේ අභ්‍යන්තර ප්‍රතිපත්ති උපදේශිකාව ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රෝහිණි කොසොග්ලු පත්කර ඇතැයි වාර්තා වේ. “රෝහිණී යනු ඇමරිකානු ජනතාව මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් මනා දැණුමක් හා අවබෝධයක් ඇති තැනැත්තියක් වගේම පසුගිය කාලය පුරාවටම මා ලගින්ම සිටි මගේ වඩාත් විශ්වාසදායක උපදේශිකාවක්” යනුවෙන් රෝහිණිව අදාල තනතුරේ පිහිටුවීම නිවේදනය…

එජාප මහලේකම් ධුරයට ප්‍රසන්න ශමල් සෙනරත්

එජාප මහලේකම් ධුරයට ප්‍රසන්න සමල සෙනරත් මහතා පත්කොට තිබේ. පක්ෂයට නවනයකයෙක් පත් වී නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්නත් තාවකාලික පදනමක් මත මෙම පත් කිරීම සිදුකොට තිබේ

කොවිඩ් මරණ සංඛ්‍යාව 130 ක් වෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණයක් අද දිනයේ ද වාර්තා වී ය. පිලියන්දල පදිංචි 72 හැවිරිදි මෙම රෝගියා මියගොස් ඇත්තේ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ය. ඒ අනුව මෙරට දී මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් ඇත.  

මහජන උපයෝගිතා කොමිසම වහන්න ජනාධිපතිට බලයක් නැහැ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

මහජන උපයෝගිතා කොමිසම වහන්න ජනාධිපතිට බලයක් නැහැ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

මහජන උපයෝගිතා කොමිසන් සභාව වසා දැමීමට ජනාධිපතිවරයාට බලයක් නැති බවත් , එය අහෝසි කරන ලෙස දන්වා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා භාණ්ඩාගාරයේ ලේකම්ට දී තිබෙන නියෝගය නීති විරෝධී බවත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තු පනතකින් පිහිටුවා ඇති මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් පමණක් බව වික්‍රමසිංහ…

රජයට අයත් හෝටල් සහ දේපළ සමාගමකට පවරා කොටස් වෙළෙඳ පොලේ විකුණන සැලසුමක්

රජයට අයත් හෝටල් සහ දේපළ සමාගමකට පවරා කොටස් වෙළෙඳ පොලේ විකුණන සැලසුමක්

රජයට අයත් හෝටල් අලුතින් හදන තනි දේපළ සමාගමක් යටතට පත්කොට කොටස් වෙළෙඳපොලේ  විකිණීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව භාණ්ඩාගාරයේ ලේකම් එස් ටී ආටිගල මහතා කියයි ග්රෑන්ඩ් හයිට් , ග්රෑන්ඩ් ඔරියන්ටල් හොටල , හොටෙල් ඩිවේලොපර්ස් සහ සී නෝර පදනම සතු දේපළ නව සමගම යටතට පැවරෙනු ඇත. ලංකා වාණිජ  මණ්ඩලය සංවිධානය කළ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතා…

අද අලුතින් ආසාදිතයින් 517 යි ; පොකුර 23,005 යි; සමස්තය 26,555 යි

අදත් කොවිඩ් 19 ආසාදිතයින් 517 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. 252ක් හා 265 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වී තිබේ. මේ සියලු දෙන මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරේ ආශ්‍රීතයින් බව හමුදාපතිතුමා කියයි. අද සංඛ්‍යාව ද එකතු වූ විට එම පොකුරේ ආසාදිත සංඛ්‍යාව 23,005 ක් බවට ගණන් බලා…

මහනුවර පාසල් 45 ක් තව සතියක් වසයි

මහනුවර නගරයේ වසා දැමු ප්‍රධාන පාසල් ඇතුළු පාසල් 45 ක් තවදුරටත් වසා දැමීමට අද තීරණය කොට ඇත . මෙම පාසල් ලබන සතිය පුරා වසා තබනු ඇත . මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රදේශයේ කොවිඩ් පාලනය පිළිබඳව අද පැවතී සාකච්ඡාවක දී ය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවතී මෙම සාකච්ඡාවට ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා බලධාරීන් ඇතුළු ප්‍රධාන රාජ්‍ය නිලධාරීහු…

වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරය විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වාට

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා අද දින (04) සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදි. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ  ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ…

|

මහර වෙඩි පහරින් මියගිය කොවිඩ් රෝගීන් ආදාහනයට එරෙහිව පෙත්සමක් ; අපරාධයේ සාක්ෂි රකින්න ඉල්ලති

මහර බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය කොවිඩ් රෝගීන් 9 දෙන ඇතුළු එකොලොස් දෙනාගෙන් කිසිවකුගේ සිරුරු ආදාහනය නොකරන ලෙසත් , මෙම මිනිස් ඝාතන පිලිබඳ අනාගත පරීක්ෂණ සඳහා එම සිරුර සුරක්ෂිතව තැබීමට නියෝග කරන ලෙසත් ඉල්ලා පෙත්සමක් වත්තල මහේස්ත්‍රාත්වරයා වෙත අද ඉදිරිපත් කොට තිබේ. පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ කොවිඩ් මරණ ආදාහනය කිරීමේ නීතියට අනුව මෙම සිරුරු ආදාහනය…

අද කොවිඩ් ආසාදිතයන් 627 ක් ; පොකුර 22,188 යි ; සමස්තය 25,720 යි

අද කොවිඩ් ආසාදිතයන් 627 ක් ; පොකුර 22,188 යි ; සමස්තය 25,720 යි

අද දවසේ අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 627 කි . මෙම සංඛ්‍යාව අද වාර්තා වුයේ ද , පළමුව 350 ක් සහ පසුව 277 ක් ලෙස අවස්ථා දෙකක දී ය. මේ අනුව වත්මන් කොවිඩ් පොකුර දැන් 22,188 ක් දක්වා ඉහළ  ගොස් ඇති අතර මෙරට හමු වූ මුළු අසාදිතයන්ගේ සංඛ්‍යාව 25,720 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ පහක් ; තිදෙනෙක් රෝහල්වලින් පිටත දී

කොවිඩ් ආසාදනයන් සිදු වූ මරණ පහක් අද දිනයේ වාර්තා වීය. කොළඹ නගරයෙන් හතරක් සහ කොලොන්නාවෙන් එකක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. මෙයින් එක මරණයක් නිවසේ දී ද , තවත් මරණ දෙකක් රෝහලට ඇතුලත් කිරීමට පෙර ද, සිදු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්  වෙයි. රෝහල් ගතව ප්‍රතිකාර ලබද්දී මියගොස් ඇත්තේ දෙදෙනකු…

අධි අවදානම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ගංජා ඉවතට

වසර 59 කට වැඩි කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්  අධි අවදානම් මත්ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කර තිබු ගංජා එම වර්ගිකරණයෙන් ඉවත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ සැලකිල්ලට ගත් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය කොමිසම විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මින් ඉදිරියට ගංජා අධි අවදානම් මත්ද්‍රව්‍යයක් ලෙස නොසලකන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය…