තවත් කොවිඩ් මරණ පහක් ; තිදෙනෙක් රෝහල්වලින් පිටත දී
කොවිඩ් ආසාදනයන් සිදු වූ මරණ පහක් අද දිනයේ වාර්තා වීය.
කොළඹ නගරයෙන් හතරක් සහ කොලොන්නාවෙන් එකක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.
මෙයින් එක මරණයක් නිවසේ දී ද , තවත් මරණ දෙකක් රෝහලට ඇතුලත් කිරීමට පෙර ද, සිදු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක් වෙයි.
රෝහල් ගතව ප්‍රතිකාර ලබද්දී මියගොස් ඇත්තේ දෙදෙනකු පමණකි.
නිවෙස්වල දී මියගිය පසුව කොවිඩ් රෝගීන් හඳුනාගැනීමෙන් පෙනී යන්නේ හඳුනා නොගත් රෝගීන් විශාල පිරිසක් සමාජයේ සිටින බව යයි සෞඛ්‍ය අංශ කියයි.
