අද අලුතින් ආසාදිතයින් 517 යි ; පොකුර 23,005 යි; සමස්තය 26,555 යි

අදත් කොවිඩ් 19 ආසාදිතයින් 517 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

252ක් හා 265 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වී තිබේ.

මේ සියලු දෙන මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරේ ආශ්‍රීතයින් බව හමුදාපතිතුමා කියයි.

අද සංඛ්‍යාව ද එකතු වූ විට එම පොකුරේ ආසාදිත සංඛ්‍යාව 23,005 ක් බවට ගණන් බලා තිබේ.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 26,555ක් ලෙස සටහන් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *