මහනුවර පාසල් 45 ක් තව සතියක් වසයි

මහනුවර නගරයේ වසා දැමු ප්‍රධාන පාසල් ඇතුළු පාසල් 45 ක් තවදුරටත් වසා දැමීමට අද තීරණය කොට ඇත .

මෙම පාසල් ලබන සතිය පුරා වසා තබනු ඇත .

මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රදේශයේ කොවිඩ් පාලනය පිළිබඳව අද පැවතී සාකච්ඡාවක දී ය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවතී මෙම සාකච්ඡාවට ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා බලධාරීන් ඇතුළු ප්‍රධාන රාජ්‍ය නිලධාරීහු සහභාගී වී සිටියහ.

ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් පවතින නිසා මෙම තීරණය ගත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *