රජයට අයත් හෝටල් සහ දේපළ සමාගමකට පවරා කොටස් වෙළෙඳ පොලේ විකුණන සැලසුමක්

රජයට අයත් හෝටල් අලුතින් හදන තනි දේපළ සමාගමක් යටතට පත්කොට කොටස් වෙළෙඳපොලේ  විකිණීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව භාණ්ඩාගාරයේ ලේකම් එස් ටී ආටිගල මහතා කියයි

ග්රෑන්ඩ් හයිට් , ග්රෑන්ඩ් ඔරියන්ටල් හොටල , හොටෙල් ඩිවේලොපර්ස් සහ සී නෝර පදනම සතු දේපළ නව සමගම යටතට පැවරෙනු ඇත.

ලංකා වාණිජ  මණ්ඩලය සංවිධානය කළ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතා කතා කරමින් ඒ මහතා මේ තොරතුරු හෙළිදරවු කොට ඇත.

2021 වසරේ මුල් මාස හය අවසන්වීමට පෙර මෙම සමගම කොටස් වෙළෙඳ පොලේ ලියාපදිංචි  කිරීම රජයේ අරමුණ බව ද භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකශ කළේ ය.

අධිවේගී මාර්ග පාලනය හා නඩත්තුව සඳහා ද  තවත් සමාගමක් පිහිටුවීමට රජය සැලසුම් කොට ඇත. දැනට ඇති සියලු අධිවේගී මාර්ග සහ ඒ යටතේ ඇති ඉඩම් මෙම සමාගමට හිමිවෙයි . එය ද කොටස් වෙළෙඳ පලේ කොටස් විකිණීම සඳහා යොමු කිරීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ.

අධිවේගී මාර්ග මෙන් ම ඒ දෙපස ඇති මාර්ග ආරක්ෂාවට සහ අනාගත අවශ්‍යතා සඳහා වෙන් කළ ඉඩම් ද මෙම සමාගමේ දේපල බවට පත්වන අතර එම දේපල කළමනාකරණය ද සමාගම මගින් සිදු කිරීමට නියමිත ය.

රොබෝ තාක්ෂණය සහ  ජෛව තාක්ෂණය සඳහා ද රජයේ සමාගම් දෙකක් පිහිටුවන බව භාණ්ඩාගාරයේ ලේකම් එස් ටී ආටිගල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා පැවසුවේ මෙම සමාගම් පිහිටුවීමේ අරමුණ වන්නේ රොබෝ තාක්ෂණය සහ , ජෛව තාක්ෂණය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශය සමග එක්ව කටයුතු කිරීම බවයි.

මෙම සමාගම්වල  අධ්‍යක්ෂ  මණ්ඩලවලට පෞද්ගලික අංශය නියෝජනය කරන සාමාජිකයන් ද පත්කරන බව භාණ්ඩාගාරයේ ලේකම් තුමා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *