රනිල් අගමැති ලෙස 2017 දී මුල්ගල තබා බැනුම් ඇසු දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති අතින් ඊයේ විවෘත වෙයි

රනිල් අගමැති ලෙස 2017 දී මුල්ගල තබා බැනුම් ඇසු දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති අතින් ඊයේ විවෘත වෙයි

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන ‘ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම’ (Ferentino Tyre Corporation PVT Ltd) ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණදී ඊයේ (14) පස්වරුවේ විවෘත කෙරිණි.හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබෙන අතර මෙම කර්මාන්ත ශාලාවේ පළමු අදියර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන…

තවත් කොවිඩ් මරණ හතරක් ; මෙරට මරණ 251 ක් වෙයි

කොවිඩ් 19 ආසාදනයෙන් සිදුවූ මරණ හතරක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත . දුම්මලසුරිය ,ගල්ගමුව , ගාල්ල සහ කොළඹ 13 යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 251 ක් දක්වා වර්ධනය වී තිබේ.

අද ( 14 ) තවත් ආසාදිතයින් 670 ක් ; රැල්ල තවත් ඉහළ යන ලකුණු

අද ( 14 ) තවත් ආසාදිතයින් 670 ක් ; රැල්ල තවත් ඉහළ යන ලකුණු

අද (14 ) දිනයේ කොවිඩ් ආසාදිතයින් 670 ක් අලුතින් වාර්තා වී ඇත. මේ අනුව වත්මක් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 47,127 ක් දක්වා ඉහළ  ගියේ ය. මෙරටින් හමුවූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 50,994 ක් දක්වා ඉහළ ගොස් ඇත. දිනපතා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවීමක් පසුගිය දිනවල දක්නට ලැබුණ ද , මේ සතියේ දත්ත අනුව එම තත්ත්වයේ වෙනසක්…

කොවිඩ් නීති නොතකා පාටි දැමු පාදෙණිය ආශ්‍රීතයකු වීමෙන් පසු හැංගිලා ?

කොවිඩ් නීති නොතකා පාටි දැමු පාදෙණිය ආශ්‍රීතයකු වීමෙන් පසු හැංගිලා ?

කොවිඩ් සමයේ ආරක්‍ෂිත උපදේස  පිළිපැදීමට රටට ම අවධාරනයා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සිය නිවසේ ප්‍රිය සම්භාෂණයක් පවත්වා ඇති බවත්, එයට පැමිණි වෛද්‍යවරයකුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටින බවත්, වාර්තා වෙයි. අනුරුද්ධ පාදෙණිය මහතා කොවිඩ් ආශ්‍රීතයකු ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් හඳුනාගනු…

නිලධාරීන් දෙදෙනකුට කොවිඩ් ; පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය වසා දමයි

නිලධාරීන් දෙදෙනකුට කොවිඩ් ; පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය වසා දමයි

අගමැතිවරයාගේ අතිරේක ලේකම් මෙන්ම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන නීතිඥ චමින්ද කුලරත්න මහතාට ද කොවිඩ් 19  වෛරසය ආසානදන වී ඇතැයි වාර්තා වේ. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි. අග්‍රාමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි නෙට්ටිගේ මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව මීට පෙර වරත වීය. මෙම තත්ත්වය තුළ අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක…

ඩොනල්ඩ් ට්‍රම්පට එරෙහි දෝෂාභියෝගය කොන්ග්‍රස් මණ්ඩලයෙන් සම්මතයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තනතුරින් ඉවත්කිරීම සඳහා වූ දෝෂාභියෝග යෝජනාව ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ ඡන්ද 232 ට 197ක් වශයෙන් සම්මත වී ඇත . ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ 10 දෙනෙක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර හතර දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මෙම දෝෂාභියෝගය මීලගට ඇමෙරිකානු සෙනෙට් සභාවෙන් සම්මත විය යුතුය.  

අද ( 13 දා ) කොවිඩ් ආසාදිත 687ක් ; මෙරට සමස්තය පනස් දහස පන්නයි

අද ( 13 දා ) කොවිඩ් ආසාදිත 687ක් ; මෙරට සමස්තය පනස් දහස පන්නයි

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 687 දෙනෙකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව පනස් දහස ඉක්මවා ගියේ ය. එය අද සටහන් වුයේ 50,324 ක් වශයෙනි. වර්තමාන කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 46,467 ක් ලෙස වාර්තා වෙයි.

තවත් කොවිඩ් මරණ තුනක් !

කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදු වූ මරන තුනක් අද වාර්තා වී ඇත. මෙම මරණ වාර්තා වන්නේ බත්තරමුල්ල , කොළඹ 15 සහ කොළඹ 10 ප්‍රදේශවලිනි. මේ අනුව කොවිඩ් ආසාදනය නිසා මෙරට මියගිය සංඛ්‍යාව 147 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජනාධිපති තදින් හිටී ; නැගෙනහිර ජැටියේ සංවර්ධනය ඉන්දියාව සමගයි

ජනාධිපති තදින් හිටී ; නැගෙනහිර ජැටියේ සංවර්ධනය ඉන්දියාව සමගයි

  කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ සංවර්ධනය සඳහා ඉන්දියාව සමග හවුල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙනියන බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද වරාය  වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් වරාය  වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී  ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කොට තිබේ. වරාය විකිණීමක් මෙහි දී සිදු නොවන…

එජාප නව නිලධාරී මණ්ඩලය පත්වෙයි ; සභාපති වජිර, ලේකම් රංගේ , උප නායක අකිල

එජාප නව නිලධාරී මණ්ඩලය පත්වෙයි ; සභාපති වජිර, ලේකම් රංගේ , උප නායක අකිල

එජාපයට නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීමට අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී කටයුතු කොට ඇත. එහි දී , පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ පත්වීම තහවුරු කොට ඇති අතර සභාපති ලෙස වජිර  අබේවර්ධන මහතාත් ප්‍රධාන ලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතාත්, උප නායක ලෙස අකිල විරාජ් කාරියවසම් මහතාත් පත් කරගනු ලැබ ඇත. අද පත්කරගත් නිලධාරී මණ්ඩලය…

ඉන්දියාවට එරෙහි චීන කුමන්ත්‍රණ ගැන ඉන්දීය විදේශ ඇමති ආණ්ඩුවට පැමිණිලි කරයි !

ශ්‍රී ලංකාවේ ඉන්දියානු ව්‍යාපෘතිවලට එරෙහිව ක්‍රියාත්මක ව්‍යාපාර මෙහෙයවීම පිටුපස චීනය ක්‍රියාත්මකව සිටින බව ඉන්දීය විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකා රජයට පැමිණිලි කොට ඇති බව තතු දත් ආරංචිමාර්ග කියයි. අපගේ ආරංචි මාර්ග කියන්නේ ඉන්දීය විදේශ ඇමති එස් ජයෂන්කර් මහතා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණියේ මෙම කරුණ ගැන ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට  බවයි. දීන තුනක් තුළ සංචාරයේ සියලු…

ජෝසප් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කෙරෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවට අදාළව අත් අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 05 ක් නිදොස් කොට  නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය තීන්දු කර ඇත ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට අත්අඩංගුවට පත්වූ සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර පසුගිය නොවැම්බර් 24  වනදා ඔහුට ඇප හිමිවිය….