එජාප නව නිලධාරී මණ්ඩලය පත්වෙයි ; සභාපති වජිර, ලේකම් රංගේ , උප නායක අකිල

එජාපයට නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීමට අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී කටයුතු කොට ඇත.
එහි දී , පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ පත්වීම තහවුරු කොට ඇති අතර සභාපති ලෙස වජිර අබේවර්ධන මහතාත් ප්‍රධාන ලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතාත්, උප නායක ලෙස අකිල විරාජ් කාරියවසම් මහතාත් පත් කරගනු ලැබ ඇත.
අද පත්කරගත් නිලධාරී මණ්ඩලය මෙසේ ය.
එක්සත් ජාතික පක්ෂ නව නිලධාරී මණ්ඩලය
නියෝජ්‍ය නායක – රුවන් විජේවර්ධන මැතිතුමා.
සභාපති – වජිර අබේවර්ධන මැතිතුමා.
මහ ලේකම් – රංගේ බණ්ඩාර මැතිතුමා.
උප නායක – අකිල විරාජ් කාරියවසම් මැතිතුමා.
මහා භාණ්ඩාගාරික – නීතීඥ මිස්බා මැතිතුමා.
ජේෂ්ඨ උප සභාපති – ඩී. එම්. ස්වාමිනාදන් මැතිතුමා.
උප සභාපතිවරු – සාගල රත්නායක මැතිතුමා, දයා ගමගේ මැතිතුමා, සුනේත්‍රා රණසිංහ මැතිතුමිය.
නියෝජ්‍ය මහ ලේකම් – නාලක කොලොන්නේ මැතිතුමා.
සහකාර ලේකම් – අනෝමා ගමගේ මැතිතුමිය.
සභාපති, ප්‍රතිපත්ති හා පර්යේෂණ අංශය – කරුණාසේන කොඩිතුවක්කු මැතිතුමා.
නීති ලේකම් – ජානාධිපති නීතීඥ නිස්සංක නානායක්කාර මැතිතුමා.
ජාත්‍යන්තර එ.ජා.ප. සංවිධාන කටයුතු ලේකම් සහ
පළාත් පාලන කමිටු සභාපති – සන්දිත් සමරසිංහ මැතිතුමා.
මුදල් කමිටු සභාපති – ආනන්ද කුලරත්න මැතිතුමා.
