ඉන්දියාවට එරෙහි චීන කුමන්ත්‍රණ ගැන ඉන්දීය විදේශ ඇමති ආණ්ඩුවට පැමිණිලි කරයි !
ශ්‍රී ලංකාවේ ඉන්දියානු ව්‍යාපෘතිවලට එරෙහිව ක්‍රියාත්මක ව්‍යාපාර මෙහෙයවීම පිටුපස චීනය ක්‍රියාත්මකව සිටින බව ඉන්දීය විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකා රජයට පැමිණිලි කොට ඇති බව තතු දත් ආරංචිමාර්ග කියයි.
අපගේ ආරංචි මාර්ග කියන්නේ ඉන්දීය විදේශ ඇමති එස් ජයෂන්කර් මහතා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණියේ මෙම කරුණ ගැන ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට බවයි. දීන තුනක් තුළ සංචාරයේ සියලු කටයුතු සංවිධානය කිරීමට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයට සිදු වූ බව ද කියති.
මෙලෙස ඉන්දීය විදේශ ඇමතිවරයා හදිසියේ පැමිණියේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය , සාම්පුර් විදුලි බලාගාරය ඇතුළු ඉන්දීය ව්‍යාපෘති ප්රමදවීම ගැන සාකච්ඡා කිරීමටත් , ඒවාට එරෙහිව විරෝධතා සංවිධානය කිරීමට චීනයේ සහය ලබන කණ්ඩායම් කරගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව ඉන්දීය රජය සතු තොරතුරු ශ්‍රී ලංකාවට ලබාදීමටත් බව කියති.
ඇතැම් දේශපාලන පක්ෂවලට සහ කණ්ඩායම්වලට චීනය කලක් තිස්සේ මුදලින් සහ වෙනත් ආකාරවලින් සහය දෙමින් සිටින බවත් , ඉන්දීය ව්‍යාපෘතිවලට එරෙහි ක්‍රියාමාර්ග සඳහා ද එම මුදල් යොදවන බවත් , ඉන්දියාව තොරතුරු සහිතව පෙන්වා දී ඇති බව දැනගන්නට තිබේ.
