ජනාධිපති තදින් හිටී ; නැගෙනහිර ජැටියේ සංවර්ධනය ඉන්දියාව සමගයි

 

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ සංවර්ධනය සඳහා ඉන්දියාව සමග හවුල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙනියන බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද වරාය  වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් වරාය  වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී  ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කොට තිබේ.

වරාය විකිණීමක් මෙහි දී සිදු නොවන බවත් , නැගෙනහිර ජැටියේ අයිතිය තබාගෙන සංවර්ධන ව්‍යපෘතියේ සියයට 49 ක අයිතිය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම පමණක් සිදුකරන බවත් ජනාධිපතිවරයා මෙහි දී කියා තිබේ. මෙම කරුණු වරාය කම්කරුවන්ට දන්වා  ඔවුන්ගේ සහය ව්‍යාපෘතියට ලබාදීම වෘත්තීය සමිතිවල වගකීම බව ජනධිපතිතුමා පවසා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා බැසිල් රාජපක්ෂ මහතා , වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා , ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා , වරාය අමාත්‍යාංශ ලේකම්තුමා  , වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ආදීහු සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *