ඩොනල්ඩ් ට්‍රම්පට එරෙහි දෝෂාභියෝගය කොන්ග්‍රස් මණ්ඩලයෙන් සම්මතයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තනතුරින් ඉවත්කිරීම සඳහා වූ දෝෂාභියෝග යෝජනාව ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ ඡන්ද 232 ට 197ක් වශයෙන් සම්මත වී ඇත .
ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ 10 දෙනෙක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර හතර දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
මෙම දෝෂාභියෝගය මීලගට ඇමෙරිකානු සෙනෙට් සභාවෙන් සම්මත විය යුතුය.
