අද ( 13 දා ) කොවිඩ් ආසාදිත 687ක් ; මෙරට සමස්තය පනස් දහස පන්නයි

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 687 දෙනෙකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව පනස් දහස ඉක්මවා ගියේ ය. එය අද සටහන් වුයේ 50,324 ක් වශයෙනි.

වර්තමාන කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 46,467 ක් ලෙස වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *