නිලධාරීන් දෙදෙනකුට කොවිඩ් ; පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය වසා දමයි

අගමැතිවරයාගේ අතිරේක ලේකම් මෙන්ම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන නීතිඥ චමින්ද කුලරත්න මහතාට ද කොවිඩ් 19  වෛරසය ආසානදන වී ඇතැයි වාර්තා වේ. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

අග්‍රාමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි නෙට්ටිගේ මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව මීට පෙර වරත වීය.

මෙම තත්ත්වය තුළ අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය වසා දමා ඇත.

එමෙන් ම පාර්ලිමේන්තුවට පැමිණීම ද අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලයට පමණක් සීමා කර ඇතැයි වේත්‍රදාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *