කොවිඩ් නීති නොතකා පාටි දැමු පාදෙණිය ආශ්රීතයකු වීමෙන් පසු හැංගිලා ?

කොවිඩ් සමයේ ආරක්ෂිත උපදේස පිළිපැදීමට රටට ම අවධාරනයා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සිය නිවසේ ප්‍රිය සම්භාෂණයක් පවත්වා ඇති බවත්, එයට පැමිණි වෛද්‍යවරයකුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටින බවත්, වාර්තා වෙයි.
අනුරුද්ධ පාදෙණිය මහතා කොවිඩ් ආශ්රීතයකු ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් හඳුනාගනු ලැබ ඇතත් ඔහු තම නිවසේ ගේට්ටුවලට අගුලු දමා විදුලිය ආලෝක නිවාදමා සැඟවී සිටින බව අද දිනපතා පුවත්පතක් වාර්තා කොට තිබිණි.
අද සවස් වන විටත් ඔහු සොයාගත නොහැකි වූ බව දැනගන්නට ඇත.
පසුගිය ජනවාරි 6 දා පාදෙණිය මහතා සිය නිවසේ ප්‍රිය සම්භාෂණයක් පවත්වා තිබේ. එයට සහභාගී වූ වෛද්‍යවරයකු කොවිඩ් ආසාධිතයකු ලෙස හඳුනාගනු ලැබ ඇති අතර එම වෛද්‍යවරයාගේ ආශ්‍රීතයින් ලෙස මේ වනවිට විශාල පිරිසක් හඳුනාගනු ලැබ ඇති අතර, ඔවුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට යොමු කොට තිබේ,
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු කිහිප දෙනෙකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මගහරිමින් සිටින බව අපගේ ආරංචි මාර්ග කියයි.
