පළාත් සභා පෙර පරිදිම පවත්වාගෙන යා යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පළාත් සභා ආරම්භයේ සිට මේ දක්වා පවත්වා ගෙන ආ ආකාරයටම කිසිදු වෙනසකට ලක් නොකර එලෙසින්ම පවත්වාගෙන යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතාවට විධිමත් ආකාරයේ සේවාවක් කිරීම සඳහා අවශ්‍යය මුදල් ප්‍රතිපාදන ලබාදී එහි ව්‍යුහය පමණක් ශක්තිමත් කළ යුතුව තිබෙන බවද ඒ මහතා කීය. මහනුවරදී පෙරේදා (09) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා…

තවත් කොවිඩ් මරණ තුනක්

තවත් කොවිඩ් 19 මරණ තුනක් සිදු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ ය. ඒ අනුව මෙරටින් වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 232 දක්වා ඉහළ ගොස් ඇත.

අද (10 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 536 ක් ; පොකුර 44,618 යි ; සමස්තය 48,338 යි

අද (10 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 536 ක් ; පොකුර 44,618 යි ; සමස්තය 48,338 යි

  කොවිඩ් 19 ආසාදිතයින් 536 දෙනෙකු අද අලුතින් හඳුනාගනු ලැබ ඇත. වත්මන් කොවිඩ් පොකුර අද සටහන් වුයේ 44,618 ක් වශයෙනි. මෙරටි හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 48,338 කි. අද වනවිට විශේෂත්වය වන්නේ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් , අගමැති සම්බන්ධිකරණ නිලධාරියකු සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ එස් ටී එෆ් භටයින් 35 ක් ආසාදිතයින් ලෙස වාර්තා වීමයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු එස්.ටී.එෆ්. 35 දෙනකුට කොරෝනා

ජනාධිපති ලේකම් කාර්යාලයේ  ආරක්ෂාව යෙදී සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. කිහිපදෙනකු කොරෝනා රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා පොලිස් නිලධාරීන් 60 දෙනෙකු උදෙසා සිදුකළ  ක්ෂණික ප්‍රතිදේහය පරීක්ෂාවක දී මේ බව අනාවරණ වී ඇත. ආසාදිත රෝගීන් මේ වන විට ප්‍රතිකාර සඳහා  කන්දකාඩු, පූනානි…

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 15 ක් හකීම්ගේ අශ්‍රීතයින් ලෙස හඳුනාගෙන

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 15 ක් හකීම්ගේ අශ්‍රීතයින් ලෙස හඳුනාගෙන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු කොවිඩ් ආසාදිත රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී  කාර්යාලය ප්‍රකාශ කොට තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු සහ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු එලෙස හඳුනාගනු ලැබ ඇත. පාර්ලිමේන්තුවේ CCTV දර්ශන පරීක්ෂාවෙන් මෙම හඳුනාගැනීම සිදුකොට තිබේ. අදාළ මන්ත්‍රීවරුන් පී සී ආර් පරෙක්ෂණ සඳහා සහ නිරෝධායනය සඳහා යොමුකොට ඇත.

අගමැතිගේ සම්බන්ධිකරණ ලේකම් කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන

අගමැතිගේ සම්බන්ධිකරණ ලේකම් කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු පිලිබඳ සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඒ මහතා නිරෝධායනයට යොමුකොට ඇති අතර ඔහුගේ ආශ්‍රිතයින් සොයා පරීක්ෂණ සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට දැනට අත්සන් 180 ක් ; රිපබ්ලිකන් පාක්ෂිකයෝ බයිඩන්ගේ පිහිට පතති

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයෙන් පහකිරීම සඳහා ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට හෙට ඉදිරිපත් කිරීමට යන දෝෂාභියෝග යෝජනාවට ඊයේ සවස් වනවිට කොන්ග්‍රස් සභිකයින් 180 දෙනකු අත්සන් කොට තිබු බව වාර්තා වෙයි . කොන්ග්‍රස් මණ්ඩලයේ වැඩි බලය ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වී ඇති අතර ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ පිරිසක් ද මේ අවස්ථාවේ ට්‍රම්පට එරෙහිව චන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා…

දයාසිරිගෙන් පසු රවුෆ් හකීම්ටත් කොවිඩ් ; පාර්ලිමේන්තු පොකුරක් ගැන සැකයක්

දයාසිරිගෙන් පසු රවුෆ් හකීම්ටත් කොවිඩ් ; පාර්ලිමේන්තු පොකුරක් ගැන සැකයක්

දයාසිරි ජයසේකර ඇමතිවරයා කොවිඩ් ආසාදිතව නිරෝධායනය වෙමින් සිටින අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ද අසාදිතයකු ලෙස හඳුනාගැනීමත් සමග පාර්ලිමේන්තු කොවිඩ් පොකුරක් ගැන පරීක්ෂණ ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. දයාසිරි ජයසේකර මහතා ආසදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසුව මේ වනවිට ඒ මහතා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටියි . ඒ මහතාගේ කිට්ටු ආශ්‍රිතයින් සියයකට…

තවත් උදවු ඉල්ලන්න කලින් පරණ පොරොන්දු ඉටු කරන්න ; ඉන්දියාව තදින් සිටී !

තවත් උදවු ඉල්ලන්න කලින් පරණ පොරොන්දු ඉටු කරන්න ; ඉන්දියාව තදින් සිටී !

ශ්‍රී ලංකා රජයට තව දුරටත් උපකාර කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින නමුත්, ඊට පෙර ඉන්දියාව සමග මෙතෙක් වරින්වර ගිවිස ගෙන මෙතෙක් ඉටුකොට නැති පොරොන්දු ඉටු කරන ලෙස ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව තතු දත් දේශපාලන නිරීක්ෂකයෝ කියති . ඉන්දීය විදේශ ඇමතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී ඇත්තේ මෙම දනුම් දීම අවධාරණය කිරීම…

එජාප මන්ත්‍රී ධුරයට රනිල් යලිත් බෑ කියයි ; රුවන්ට දෙන්න එකඟතාවයක් !

එජාප මන්ත්‍රී ධුරයට රනිල් යලිත් බෑ කියයි ; රුවන්ට දෙන්න එකඟතාවයක් !

එජාපයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගෙන නැවත පාර්ලිමේන්තුවට පිවිසෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පක්ෂයේ ජෙෂ්ඨයින් කළ ඉල්ලීම වික්‍රමසිංහ මහතා විසින් නැවත වතාවක් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වෙයි. එම තනතුර වික්‍රමසිංහ මහතා භාර නොගන්නේ නම් ඒ සඳහා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පත් කිරීමට පක්ෂයේ ජෙෂ්ඨයින් අතර එකඟතාවයක් ඇති වී තිබෙන බව…

උප ජනාධිපති මයික් පෙන්ස් මරා එල්ලන්න ජනාධිපති ට්‍රම්ප් මැරයින් එවලා ! – ඇමෙරිකානු ජනමාධ්‍ය හෙළිකරයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙහෙයවීමෙන් එරට සෙනෙට් මණ්ඩල රැස්වීමට කඩාවැදුණු ප්‍රචණ්ඩකාරී පිරිස අතර ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මරා එල්ලන්න සුදානමින් පිරිසක් පැමිණ ඇති බව ඇමෙරිකානු ජනමාධ්‍ය හෙළිදරවු කරයි. මයික් පෙන්ස් මරා දැමිය යුතු බවට සටන්පාට කියන පිරිස්වල දර්ශන ජනමාධ්‍ය මගින් පෙන්වූ අතර පෙන්ස් මරා එල්ලන බව තිදෙනෙකු තමන්ට ප්‍රකාශ කළ බව එහි සිටි ජනමාධ්‍යවේදියකු…

අද (9 දා ) අලුතින් ආසාදිතයින් 535 ක් ; පොකුර හතලිස් හතර දහස පන්නයි

අද (9 දා ) අලුතින් ආසාදිතයින් 535 ක් ; පොකුර හතලිස් හතර දහස පන්නයි

අද දින අලුතින් හඳුනගන ඇති කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 535 කි. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 44,083 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 47,802 ක් ලෙස සටහන් වෙයි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ආසාදිත සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි නමුත් , පී සී ආර් පරීක්ෂණ…