උප ජනාධිපති මයික් පෙන්ස් මරා එල්ලන්න ජනාධිපති ට්‍රම්ප් මැරයින් එවලා ! – ඇමෙරිකානු ජනමාධ්‍ය හෙළිකරයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙහෙයවීමෙන් එරට සෙනෙට් මණ්ඩල රැස්වීමට කඩාවැදුණු ප්‍රචණ්ඩකාරී පිරිස අතර ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මරා එල්ලන්න සුදානමින් පිරිසක් පැමිණ ඇති බව ඇමෙරිකානු ජනමාධ්‍ය හෙළිදරවු කරයි.
මයික් පෙන්ස් මරා දැමිය යුතු බවට සටන්පාට කියන පිරිස්වල දර්ශන ජනමාධ්‍ය මගින් පෙන්වූ අතර පෙන්ස් මරා එල්ලන බව තිදෙනෙකු තමන්ට ප්‍රකාශ කළ බව එහි සිටි ජනමාධ්‍යවේදියකු ප්‍රකාශ කොට ඇත.
මිනිසුන් එල්ලිය හැකි සවිමත් වයර් අතැතිව සිටින්නකුගේ දර්ශන ද ජන මාධ්‍ය ඉදිරිපත් කළේ සිදුවීම සිතුවාට වඩා බරපතළ බව පෙන්වා දෙමිනි.
මැතිවරණ ප්‍රතිපල ප්‍රතික්ෂේප නොකර ව්‍යවස්ථානුකුලව කටයුතු කිරීමට තීරණය කළ මයික් පෙන්ස් ද්‍රෝහියකු ලෙස සලකා මරා සෙනෙට් සභා ගොඩනැගිල්ල ඉදිරියේ එල්ලා තබන බව විරෝධතාකරුවෝ ප්‍රකාශ කොට ඇත.
ආරක්ෂක අංශ මැදිහත් වී පෙන්ස් ආරක්ෂිත ස්ථානයකට ගෙනගිය නිසා ඔහුගේ ජීවිතය බේරී ඇති බව මේ අනුව පැහැදිලි වෙයි.
මයික් පෙන්ස් යනු ට්‍රම්ප්ගේ ඉප ජනාධිපති මෙන් ම ඔහු සමග එකට මැතිවරණය තරග කළ සගයා යි.
මේ අතර ඇමෙරිකානු ව්‍යවස්ථාවේ 25 වනිසන්ශෝධනයේ විධිවිධාන අනුව ට්‍රම්ප් ජනාධිපතිවරයා වහාම බලයෙන් පහකොට උප ජනාධිපති වැඩ බලීම සඳහා මේ වනවිට ඉල්ලීම් ඉදිරිපත් ව ඇතත් , තවමත් උප ජනාධිපති මයික් පෙන්ස් එයට අනුමැතිය දී නැත.
ජනවාරි 20 දා ජෝ බයිඩන් ජනාධිපති ලෙස දිවුරුම් දීමේ උළෙලට තමා සහභාගී නොවන බව ට්‍රම්ප් ප්‍රකාශ කොට ඇති අතර එලෙස නව ජනාධිපතිවරයකුගේ දිවුරුම්දීමට බලයේ සිටි ජනාධිපති සහභාගී නොවීම සිදුවන්නේ 1864 වසරෙන් පසු ප්‍රථම වරට බව ඇමෙරිකානු ජනමාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ඇමෙරිකානු කොන්ග්රස් මණ්ඩලය ඩොනල්ඩ් ට්‍රම්පට එරෙහි දෝශාභියෝග යෝජනාවක් සඳුදා ( හෙට ) විවාදයට ගැනීම සඳහා සුදානම් වන බව ද වාර්තා වෙයි.
