එජාප මන්ත්‍රී ධුරයට රනිල් යලිත් බෑ කියයි ; රුවන්ට දෙන්න එකඟතාවයක් !

එජාපයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගෙන නැවත පාර්ලිමේන්තුවට පිවිසෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පක්ෂයේ ජෙෂ්ඨයින් කළ ඉල්ලීම වික්‍රමසිංහ මහතා විසින් නැවත වතාවක් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වෙයි.

එම තනතුර වික්‍රමසිංහ මහතා භාර නොගන්නේ නම් ඒ සඳහා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පත් කිරීමට පක්ෂයේ ජෙෂ්ඨයින් අතර එකඟතාවයක් ඇති වී තිබෙන බව ද වාර්තා වෙයි.

නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේ මෙම මාසය තුල මන්ත්‍රී පුරප්පාඩුව පුරවන බව යි. මුල දී තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කළ ද රනිල් වික්‍රමසිංහ මහතා ම මන්ත්‍රී ධුරයට පත්වීමට ඉඩ ඇති බව ද ඒ මහතා කීය.

එම ඉල්ලීම නැවත වරක් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. රුවන් විජේවර්ධන මහතා එම තනතුර භාරගත යුතු බව යෝජනා වී ඇත්තේ ඉන් පසුව ය.

රුවන් විජේවර්ධන මහතා ද මන්ත්‍රී තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කොට තිබිණි.

කෙසේ වෙතත් , මේ සතියේ පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මන්ත්‍රීධුරය පිලිබඳ අවසන් තීරණය ගනු ඇති බව පක්ෂයේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *