ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට දැනට අත්සන් 180 ක් ; රිපබ්ලිකන් පාක්ෂිකයෝ බයිඩන්ගේ පිහිට පතති

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයෙන් පහකිරීම සඳහා ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට හෙට ඉදිරිපත් කිරීමට යන දෝෂාභියෝග යෝජනාවට ඊයේ සවස් වනවිට කොන්ග්‍රස් සභිකයින් 180 දෙනකු අත්සන් කොට තිබු බව වාර්තා වෙයි . කොන්ග්‍රස් මණ්ඩලයේ වැඩි බලය ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වී ඇති අතර ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ පිරිසක් ද මේ අවස්ථාවේ ට්‍රම්පට එරෙහිව චන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
මේ අතර තවත් ගැටුම් වැඩිවීම වැලැක්වීම සඳහා දෝෂාභියෝගය ඉවත් කර ගැනීමට කොන්ග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ සභිකයින්ට උපදෙස් දෙන ලෙස රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභිකයින් අට දෙනෙකු නව ජනාධිපති ලෙස පත්ව සිටින ජෝ බයිඩන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වෙයි.
දෝෂාභියෝගය විවාදයට ගැනීමට කල් මදි බවට විරෝධයක් එල්ල වී ඇතත් , දෝෂාභියෝග කරුවන් කියන්නේ මෙය සාමාන්‍ය අවස්ථාවක් නොව විශේෂ අවස්ථාවක් බව යි. ඇමෙරිකානු ජනාධිපතිවරයා අගනුවර කැරැල්ලක් මෙහෙයවා බලයේ සිටීමට උත්සහ දැරීම විශේෂ හදිසි අවස්තාවක් ලෙස සලකා ක්‍රියා කළ යුතු බව ඔවුහු කියති.
වහාම තනතුරින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාට එල්ලවන බලපෑම් වැඩි වෙමින් පවතින බව ද වාර්තා වෙයි.
