දයාසිරිගෙන් පසු රවුෆ් හකීම්ටත් කොවිඩ් ; පාර්ලිමේන්තු පොකුරක් ගැන සැකයක්

දයාසිරි ජයසේකර ඇමතිවරයා කොවිඩ් ආසාදිතව නිරෝධායනය වෙමින් සිටින අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ද අසාදිතයකු ලෙස හඳුනාගැනීමත් සමග පාර්ලිමේන්තු කොවිඩ් පොකුරක් ගැන පරීක්ෂණ ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

දයාසිරි ජයසේකර මහතා ආසදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසුව මේ වනවිට ඒ මහතා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටියි . ඒ මහතාගේ කිට්ටු ආශ්‍රිතයින් සියයකට වැඩි පිරිසක් ද නිරෝධායනයට යොමු කොට ඇති බව වාර්තා වීය.

මේ අතර රවුෆ් හකීම් මහතා ද ආසාදිතයකු බව අද වාර්තා වීය. ඒ සමග ඔහුගේ ආශ්‍රිතයින් පිලිබඳ පරීක්ෂණ ආරම්භ වී ඈති අතර පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් වෙත ද අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.

රවුෆ් හකීම් මහතා අද උදේ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ තමන් කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති බවත් , පසුගිය දිනවල තමන් හමු වූ සියලු දෙනාට පරීක්ෂණ වලට ලක්වන ලෙස තමා ඉල්ලා සිටින බවත් ය.

තවත් මැති ඇමතිවරුන් ගණනාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට සැක පහල වී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *