බැදුම්කර නඩුවෙන් රවි ඇතුළු පිරිස නිදහස්

  රුපියල් කෝටි 3600 කට අධික බැදුම්කර වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුලු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව නතීපතිවරයා පවරා ඇති නඩුවේ පොදු දේපළ පනත යටතේ වු චෝදනා පවත්වාගෙන යෑමට නොහැකි බවට තීරණය කළ කෙළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කිරීමට බහුතර තීන්දුවෙන් අද නියම  කළේය මම නඩුව කැඳවනු ලැබු…

අද වාර්තා අනුව කොවිඩ් මරණ 20 යි , නව ආසාදිතයින් 583 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් තවත් කොවිඩ් මරණ 20 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හදුනාගත් අසාදීත සංඛ්‍යාව 583 ක් ලෙස වාර්තා කොට තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,307 ක් දක්වා ඉහල ගොස් ඇත. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 648,993…

ප්‍රවාහන ඇමති ලෙස දිලුම් අමුණුගම දිවුරුම් දෙයි

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදුලිබල ඇමතිනිය ලෙස පත් කිරීමෙන් හිස් වූ ප්‍රවාහන ඇමති ධුරයට දිලුම් අමුණුගම මහතා පත් කොට ඇත. ඒ මහතා මීට සුළු වෙලාවකට පෙර ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ

ජනපති ගෝඨාභය යටතේ මින් ඉදිරියට ඇමැති ධූර බාර ගන්නේ නෑ – විමල් වීරවංශ

  වර්තමාන ජනාධිපතිවරයා යටතේ මින් ඉදිරියට ඇමතිධූර  බාර ගැනීමට කිසිදු සූදානමක් නැතැයි  හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා  පැවසීය. ඔහු මෙසේ පැවසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද උදේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. තම දෙදෙනා තනතුරුවලින් ඉවත් කිරීම ගැටලුවක් නොවන බවත් තනතුරු තිබුණත් නැතත් තම කණ්ඩායමේ සටන දිගටම කරගෙන යන බවත් ඔහු පැවසුවේය. සුජිත් හේවාජුලිගේ ලංකාදීප  

වාසු ඇමති ධුරයෙන් අස් නොවී වැඩ වර්ජනයක

ජල සම්පාදන ඇමති සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා තම ඇමති ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත්, ඇමති ධුරයේ වැඩ වර්ජනය කරන බවත්, අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය. ඇමති තනතුරුවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් නැවත එම තනතුරුවල පිහිටුවන ලෙස ඉල්ලා වාසුදේව ඇමතිවරයා මෙම වැඩ වර්ජනයේ යෙදෙයි. තම…

යුගදනවී කොටස් විකිණීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙන ම ඉවතට

කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට  ඇමති මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු පෙත්සම්, විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කළේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ටී. බී. දෙහිදෙනිය, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් අද (04) යළි කැඳවූ අවස්ථාවේදී…

ඛනිජ තෙල් – විදුලි ගාස්තු වැඩි කරනු ; ව්‍යාපෘති කල් දමනු ; බදු වැඩි කරනු ; වත්කම් විකුණනු – මහ බැංකුව ආණ්ඩුවෙන් ඉල්ලයි

වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා විදුලි ගාස්තු සහ ඛනිජ තෙල් මිල ලෝක වෙළෙඳපොළේ මිල අනුව ඉහල දමන ලෙසත්, රජය මගින් ආරම්භ කොට ඇති ව්‍යාපෘති කල් දමන ලෙසත්, ආනයන තීරු බදු සහ වැට් බදු ඉහළ දමන ලෙසත්, ඌන උපයෝගිත දේපළ විකුණා දමන ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකුව රජයෙන් ඉල්ලීම් කර ඇත. ඒ සමග ම පොලී…

වාසු අස්වෙයි ? ආණ්ඩුවෙන් පලුවක් ම යයි ?

ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා අද දින සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවත්, ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රී පිරිසක් ස්වාධින වීමට සුදානමින් සිටින බවත්, තතු දත් ආරංචි මාර්ග කියයි. විමල්,උදය, වාසු කන්ඩායමේ පක්ෂ සියල්ල මේ මොහොතේ එක් තීරණයක් අනුව කටයුතු කිරීමට මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව දැනගන්නට ඇත. විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්වරුන්ට වෙන්කොට…

අද කොවිඩ් වාර්තා; මරණ 20 යි, නව ආසාධිතයින් 711 යි

තවත් කොවිඩ් මරණ 20 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද තහවුරු කරනු ලැබ ඇති අතර හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 711 ක් වාර්තා කොට තිබේ. මේ අනුව මෙරටින් සමස්තයක් ලෙස කොවිඩ් මරණ 16,487 ක් වාර්තා වී තිබේ. මෙරටින් හඳුනාගත සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 648,410 ක් වශයෙනි,

එස් බී දිසානායක කර්මාන්ත ඇමති ලෙස පත්වෙයි

නව කර්මාන්ත ඇමතිවරයා ලෙස එස්  බී දිසානායක මහතා පත්ව සිටියි. ඒ මහතා මීට සුළු මොහොතකට පෙර ඇමති ධුරයේ දිවුරුම් දී තිබේ

ඇමති මණ්ඩල සංශෝධන ; බලශක්ති ලොකුගේට , විදුලි බලය පවිත්‍රට

අමාත්‍ය තනතුරු දෙකක් මේ වනවිට වෙනස් කොට ඇත. බලශක්ති ඇමති ධුරයේ ගාමිණී ලොකුගේ මහතා දිවුරුම් දී තිබේ. විදුලිබල අමාත්‍ය ධුරය පවිත්‍ර වන්නිආරච්චි මහත්මියට ලබා දී තිබේ

විමල්, උදය, වාසු ඇමති ධුරවලින් ඉවතට

විමල් වීරවංශ, උදය ගම්මන්පිය වාසුදේව නානායක්කාර මහත්වරුන් ඇමති ධුර වැලි ඉවත්කොට ඇති බව වාර්තා වෙයි. ජානාධිපතිතුමා විසින් නව ඇමතිවරුන් පත් කරමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරන බව තතු දත් ආරංචි මාර්ග කියයි.