වාසු අස්වෙයි ? ආණ්ඩුවෙන් පලුවක් ම යයි ?

ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා අද දින සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවත්, ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්රී පිරිසක් ස්වාධින වීමට සුදානමින් සිටින බවත්, තතු දත් ආරංචි මාර්ග කියයි.
විමල්,උදය, වාසු කන්ඩායමේ පක්ෂ සියල්ල මේ මොහොතේ එක් තීරණයක් අනුව කටයුතු කිරීමට මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව දැනගන්නට ඇත.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්වරුන්ට වෙන්කොට පහර දීම සහ එස් බී දිසානායක මහතාට ඇමති තනතුරක් දීම මගින් ආණ්ඩුවේ සුළු පක්ෂ කණ්ඩායම භේද කිරීමේ උත්සහයක් පෙනෙන බවත්, ශ්රීලනිපය දෙකඩ කිරීමේ උත්සහයක් ඇති බවත්, ආණ්ඩුවේ කැරලිකාර කණ්ඩායමේ මතය වී ඇතැයි කියති.
එම උත්සාහය පරාජය කරමින් එක් කණ්ඩායමක් ලෙස එකට සිට කටයුතු කළ යුතු බව ඔවුන් අතර බහුතර මතය වී ඇති බව කියති.
මේ අතර විමල් වීරවංශ මහතා දැරූ කර්මාන්ත ඇමති ධුර භාරගන්නා ලෙස දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාට කළ ඉල්ලීම ඒ මහතා ප්රතික්ෂේප කර ඇති බව ද වාර්තා වෙයි. පසුව එම ඇමති ධුරය එස් බී දිසානායක මහතාට ලබා දී තිබේ.
පවිත්රා වන්නිආරච්චි මහත්මිය දැරූ ප්රවාහන ඇමති ධුරයට තවමත් වෙනත් අයකු පත් කොට නැත.
