ඛනිජ තෙල් – විදුලි ගාස්තු වැඩි කරනු ; ව්‍යාපෘති කල් දමනු ; බදු වැඩි කරනු ; වත්කම් විකුණනු – මහ බැංකුව ආණ්ඩුවෙන් ඉල්ලයි

වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා විදුලි ගාස්තු සහ ඛනිජ තෙල් මිල ලෝක වෙළෙඳපොළේ මිල අනුව ඉහල දමන ලෙසත්, රජය මගින් ආරම්භ කොට ඇති ව්‍යාපෘති කල් දමන ලෙසත්, ආනයන තීරු බදු සහ වැට් බදු ඉහළ දමන ලෙසත්, ඌන උපයෝගිත දේපළ විකුණා දමන ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකුව රජයෙන් ඉල්ලීම් කර ඇත.

ඒ සමග ම පොලී අනුපාතික වැඩි කිරීමට ද මහා බැංකු මුදල් මණ්ඩලය ඊයේ පියවර ගත්තේ ය.

රජය මගින් ආරම්භ කොට ඇති ඉදිකිරීම් ව්‍යාපෘති නිසා ඒවා සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනයට විදේශ විනිමය වැය වීම වලකා ගැනීම සඳහා එම ව්‍යාපෘති ප්‍රමාද කළ යුතු බව මහ බැංකුව කියයි.

මුදල් මුද්‍රණය අඩු කිරීමට වැට් ඇතුළු බදු වැඩි කිරීමට යෝජනා කොට තිබේ.

මහ බැංකුව පහත ක්‍රියාමාර්ග යෝජනා කොට ඇත.

අ) මහ බැංකුව විසින් කරන ලද පූර්ව නිර්දේශය මත පදනම්ව අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයනයන් අධෛර්යමත් කිරීමට පියවරයන් හඳුන්වා දීම.

ආ) පිරිවැය පිළිබිඹු කිරීම සඳහා වහාම ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම

ඇ) විදේශ ප්‍රේෂණ සහ ආයෝජන තවදුරටත් දිරිමත් කිරීම

ඈ) පුනර්ජනනීය බලශක්තිය කරා යන ගමන වේගවත් කරන අතරම බලශක්ති සංරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීම

ඉ ) තිරසාර පදනමක් මත සුදුසු බදු වැඩිකිරීම් හරහා රාජ්‍ය ආදායම වැඩි කිරීම

ඊ) හදිසි පදනමක් මත විදේශ මූල්‍යකරණය සහ ණය නොවන විදේශ විනිමය ගලා ඒම බලමුලු ගැන්වීම

උ) උපායමාර්ගික නොවන සහ ඌන උපයෝගි  වත්කම් විකුණා මුදල් ලබා ගැනීම

ඌ) අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ප්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *